විමසීම් 0775861387=================
දේශකයාණන් වහන්සේ.
අතුරුගිරිය දම්දිය අසපුවාසී දෙරණ තෙවලා බුදුවදන් කාව්‍යමය ධර්ම දේශක ගුවන් විදුලි රූපවාහිණී කාව්‍යමය ධර්ම දේශක කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද කාව්‍ය චක්‍රවර්තී කාව්‍ය ශිරෝමනී ආචාර්ය පූජ්‍යපාද නවගත්තේගම සිරිසුගත ස්වාමීන් වනහ්සේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සාධූ සිතින් මේ පිංකම බලා සතුටු වේවා. තෙරුවන් සරණයි !!!
••••••••••••••••••••••••••••••••••••••••••••••••
☸️සියළු දේශනාවන් ශ්‍රවණය කරන්න එකතු වෙන්න. ☸️
👇👇👇👇👇
Nawagaththegama siri sugatha himi - කවි බණ පිටුව
#nawagaththegama_Sirisugatha_Himi
#nawagaththegama_sirisugatha_himi_kavi_bana #TVDerana
අප මහා බෝසතුන් විදි අනන්ත වූ දුක කියැවෙන.
...අතීශය බිහිසුනු දුෂ්කරක්ක්‍රියාව..
කාව්‍ය සංග්‍ර්‍රහයයි මේ...
අසන්න දෙසවන් යොමා ඒ උතුම් මනුත්ශ්‍ය රත්නය එදා .තම සියලු සැප සම්පත් අලුයම කෙලපිඩක් සේ අත් හැර දමා ඔබ මා සසර දුකින් එතර කරවීම පිනිසම නොවිදිනා දුක් ගැහැට සිරුට දෙමින් වින්ද ඒ අමා දුක පිලිබදව කදුලක් වැටේවී ඔබගේ දෙනෙතින්.......
සිය දිවියෙහි සැප සම්පත් හැරදා
පිය මව් අඹු දරු නෑ කැල හැරදා
ගිය මාවත අභිනික්මන් කරදා
සය වසරක් දුනි දුක් මෙර පරදා
සුවය තනන්නට ලොවකට අන්ද
ගතට රිදුම් දී ඉව සී මෙන්ද
දැරිය නොහැකි දුක් මිනිසෙකු වින්ද
අදහා ගන්නටවත් පුලු වන්ද
දිය යුතු සිරුරට හැම දුක් දීලා
ගිය මග පිලිබදවම ඔප දලා
මහ සිහ නද සුතුරෙහි දක් වාලා
ඇති තතු දෙන්නෙමි ඔබට කි යාලා
ගහ කොල ඇල දොල අරගෙන ඇසුරට
පහ කොට සම්මත සරු දම් ඉවතට
දහ වල රෑ මැදියම එක විලසට
මහ දුක් ගෙන දුන්නා තම සිරුරට
සිය සිරුරට නිම් නැති දුක් දුන්නේ
විය යුතු ලෙස ඒ හැම සිදු වන්නේ
ගිය මාවත ඇසු හද උනු වෙන්නේ
සය වසරක් විදි දුක පව සන්නේ
සත වෙනුවෙන් හැර තම සැප පසෙක
සිත යොදවා බුදු වන මග දෙසක
වත පිරු අතිශය බිහිසුනු ලෙසක
නැත ලොව වෙනකෙකු මහිමිම මිසක
ගොස් වනයට වෙස තපසට අත්ව
දුෂ්කර වත පිරු හැටි බෝ සත්ව
විස් තර ඇසුවොත් සිත තැන් පත්ව
ඇස් උනු කදුලින් යනවය තෙත්ව
ඇස් ඉස් ලේ මස් තුලට රිදුම් දී
රැස් කොට ඇවතක් අමුතු පිදුම් දී
ගස් ගල් යට දුක් කටුක ලෙසින් දී
දුෂ් කර වත පිරු අහමු සවන් දී
......
අතුරක් නොම දැන යා යුතු කතර
නේරන්ජන නදියෙන් වී එතර
වන ගොමුවත් කදු වැටියත් අතර
අහස වියන කොට එහි විය නතර
ගන් ඉවුරෙහි හිදගෙන මත ගැටිය
සලු අබරන දී චන්නට සිටිය
කන්තක අසු නෙත කදුලැල් කැටිය
අසිපත ගෙන කැපුවා කෙස් වැටිය
යහපත් ගති පැවතුම් අත් හලෙමී
නිගන්ට සේ ගත නිරුවත් කලෙමි
මලපහ කොට අතකින් පිස හලෙමී
හිරිකිත වත් පිලිවෙත් ලෙස කලෙමි
ගැබිනිය පිදු දන නැත පිලි ගත්තේ
කිරි මව් දෙන දන නැත පිලි ගත්තේ
මත්ස්‍ය මාන්සද නැත පිලි ගත්තේ
හැලියෙ උඩින් බෙදු දන් නැත ගත්තේ
සම්මාදන් දන් පිලි ගත්තෙද නැත
දෙදෙනෙකු මැද බෙදු දන් ගත්තෙද නැත
දඩු වැට මත පිදු දන් ගත්තෙද නැත
ලෝනසොවීරක පිලි ගත්තෙද නැත
පිඩුසොයමින් ගියෙ පමනි ගෙයට එක
ලැබු දන් විසි නොකලෙමි කිසි දව සක
පිලී දුගන්දය සිතමින් සුව දක
රැයටත් එය වලදනවා නැහැ සැක
දන් වලදා යලි අත ලෙව කෑවෙමි
මඩගොහොරුවෙ බැස මඩ දිය නෑවෙමි
ගස් බෙන වල රිංගා ගුලි වූවෙමි
නෙලුම් පතක් සේ ජලයේ පාවෙමි
අශ්ව ලොමින් වියනා ලද කම්බිලි
මිනිස් කෙසින් කරනා ලද කම්බිලි
බකමුහුනන්ගේ පිහාටු වැහැරිලි
හැද වහ ගත්තා විටක සිරුරෙ විලි
මිනී ඔතා ඇති වස්ත්‍ර ලෙහාලා
ඉවත දැමු රෙදි කැබලු මහාලා
රුක් පතුරුද එක පෙලට ගහාලා
ගත්තා විටකදි හෙලුව වහාලා
කෙස්ද රව්ල දෑතින් ගැල වූවා
උක්කුටියෙන් මම පැන පැන අවා
කටුවැතිරියෙ වැතිරී නිදි යෑවා
සිරුරට දුන් දුක් රිදුමන් බෝවා
වසර ගනන් සිටි තපසක යෙදිලා
මගෙ සිරුරට කුනු දූවිලි වැදිලා
තට්ටු ලෙසින් ඝන පතුරුද හැදිලා
තිබිරි කනුව මෙන් තිබුනය බැදිලා
කුනු දූ විල්ලෙන් මුලු කය වැහුනය
සිරුරෙන් අපමන දුගදක් නැගුනය
සෝදා ගන්නට ප්‍රිය සිත් නොව්නය
එලෙසම දුශ්කර කාලය ගෙව්නය
පව ගැන දැඩි සේ තිබුනා පිලිකුල
ප්‍රානයකිය සිතුනා දිය බිදුවල
කුරා කුහුබුවෙකු උව මා කිසිකල
නොමරා යෙදුනා රැකි ඉරියව් තුල
ගොපලුන් දරකපනුන් මා දුටු විට
වනයෙන් වනයට නිම්නෙන් නිම් නෙට
මිනිසෙකු දකිනා මුවෙකුන් විලසට
පලා ගියෙමි මා නොපෙනෙන ඈ තට
ගවයින් ගොපලුන් ගාලෙන් ගිය හම
දෙදන දෙවැලමිට තබා නැමී බිම
අනුභව කල හැටි සිහිවෙනවා මම
එදින උපන් වසු පැටියන්ගේ ගොම
ජීවිතයට දක්වන්නන් ඇල්ම
නොයනා රකුසන් ඇති වන විල්ම
ඇග කිලි පොලනා ශිකරද හෙල්ම
මගෙ තපසට රිසි විය හැම කල්ම
අදික හිමේ නිරුවත් වී උන්නෙමි
උහුලනු බැරි තද සීතල වින්දෙමි
ගිනි පිටවන වැල්ලේ සිට ගන්නෙමි
කටෝර දුක් මුලු සිරුරට දුන්නෙමි
සොහොනට ගොස් හිස් කබලක් අර ගෙන
තබා හිසට එය කොට්ටය විල සින
නිදනා මා වෙත ගොපලුන් පැමි නුන
හෙලුවා මුත්ත්‍රා දෙකනෙ ඉරටු ඇන
ජීවිතයට දක්වන්නන් ඇල්ම
නොයනා භීතිය ඇති වන විල්ම
ඇග කිලි පොලනා ශිකරද විල්ම
මගෙ තපසට රිසි විය හැම කල්ම
අදික හිමේ නිරුවත් වී උන්නෙමි
උහුලනු බැරි තද සීතල වින්දෙමි
ගිනි පිටවන වැල්ලේ සිට ගන්නෙමි
කටෝර දුක් මුලු සිරුරට දුන්නෙමි
සොහොනට ගොස් හිස් කබලක් අර ගෙන
තබා හිසට එය කොට්ටය විල සින
නිදනා මා වෙත ගොපලුන් පැමි නුන
හෙලුවා මුත්ත්‍රා දෙකනෙ ඉරටු ඇන
කෙල ගැසුවා ඒ අය මගෙ මුහුනට
පස් ගෙන විසි කෙරුවානේ සිරුරට
කොතරම් හිරිහැර කෙරුවද මා හට
වයිර සිතක් කිසි නොමවිය ඔවුනට
උඩුකුරු ලෙස මගෙ සිරුර තබාගෙන
ගන කලුවර රෑ දෙනෙත් අයාගෙන
සිටිනා ගත මැසි මදුරු වසාගෙන
බීවා රතු ලේ දහර උරාගෙන
මගෙ මල මුහු අලු පස් කලවම් කර
අනුභව කෙරුවා එකල ඇතැම් වර
අහරෙන් මෙපමන විමුක්ති මග දුර
ගිය කිසිවෙකු නැත ම
28 июл 2023