අවිද්‍යා යනු මායාවයි - නොදැනීමයි.අවිද්‍යාව යනු සංසාරයෙහි දුක ඇති වීමට මූලික හේතුවයි.
1. අවිද්‍යාව ක්ලේශයන් තුනෙන් එකකි.
2. භවචක්‍රයෙහි පළමු ගරාදිය අවිද්‍යාවයි.
3. අවිද්‍යාව පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුකයි.
ක්ලේශයන්ගෙන් එකක් ලෙස අවිද්‍යාව, තණ්හාව සහ ඇලිම (උපාදානය)අැති. භවචක්‍රයෙහි පළමු ගරාදිය ලෙස සියලුම දේ ඒ පසු පස ගමන් ගනී. පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුක ලෙස සියලු පුරුක් නොහොත් අනිකුත් සියලු ක්‍රියා දාමයන් වලට හේතුව වන්නේ අවිද්‍යාවයි.අවිද්‍යාවෙහි ප්‍රතිවිරුද්ධ තත්වය ප්‍රඥාවයි. ප්‍රඥාව ලබා ගන්නේ දැනුවත්වීම, ඉවසීම ප්‍රගුණ කිරීම සහ ධ්‍යාන වැඩීමෙනි. මෙම අංශ තුන ථේරවාද සම්ප්‍රදායේ ආර්යාෂ්ඨාංගික මාර්ගයේද මහායානයේ පාරමිතා වලද අන්තර්ගත වී ඇත.
එක් පැතිකඩක සිට පැතිකඩ හයක් දක්වා. අවිද්‍යාව යනු දැනීම හීන වීමයි. එය චේතනා සමග සමිබන්ධෙෙවී. වේදනා කාණ්ඩ තුනක් හා බැඳී පවතින පාර්ශවයන් තුනක් ඊට ඇත්තේය. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදන්නා බව ෙහවත් මෝහයයි. සසර ගමනේ නවතින්නට ඉඩ නොදී (සංසාරය) දිගින් දිගට ඇලීම ද අවිද්‍යාවයි. ඉන්ද්‍රය දොරටු හය හෙවත් සලායතන හා බැෙදන අංශ හයක් අවිද්‍යාවේ ඇත.~
අවිද්‍යාව දුරුකර ගැනීමේලා අටුවාවේදී පංචෝපක්‍රමයක් පෙන්වා දී ඇත.
1. ගුරූපවාස - දැන උගත් ගුරුවරයෙකු ඇසුරු කිරීම.
2. උද්දේස - ත්‍රිපිටකය උදෙසීම, පටිපුච්ඡා, ධර්මයේ ගැටලු තැන් ප්‍රශ්න කිරීම.
3. කාලේන ධම්ම සවන - සුදුසු හැමකල්හිම ධර්ම ශ්‍රවණය කිරීම.
4. ඨානාඨාන විනිච්ඡය - සිදුවිය හැකි නොහැකි බව සතියෙන් මෙනෙහි කිරීම.
විද්‍යාව නම් ආලෝකයයි. මෙකී අවිද්‍යාව නසා විද්‍යා ලෝකය ඇති කරගැනීම වස් උපයෝගී වන කරුණු රාශියක් ම සම්මාදිට්ඨි සූත්‍රයෙහි දී දක්වා ඇත.
1. අකුසලය, අකුසල මූලය, කුසලය හා කුසල මූලය දැන ගැනීම
2. සතර ආහාර ගැන දැනීම
3. චතුරාර්ය සත්‍ය ගැන දැනීම
4. ජරා මරණ පිළිබඳ දැනීම
5. ජාති පිළිබඳ මනා දැනීම
6. “භවය” පිළිබඳ මනා දැනීම
7. උපාදාන පිළිබඳ මනාව දැනීම
8. තණ්හාව පිළිබඳ මනා දැනීම
9. වේදනා පිළිබඳ මනා දැනීම
10. ඵස්ස පිළිබඳ මනාව දැනීම
11. සළායතන පිළිබඳ මනා දැනීම
12. නාම රූප පිළිබඳ මනා දැනීම
13. විඤ්ඤාණ පිළිබඳ මනා දැනීම
14. සංඛාර පිළිබඳ මනා දැනීම
15. ආසව පිළිබඳ මනා දැනීම
(විජ්ජා උත්පතතං සෙට්ඨං - විද්‍යාව පහළ වීම ශ්‍රේෂ්ඨ ය.)
5 сен 2024