Тёмный

ගම්මඩු ශාන්තිකර්මය|Gammadu shanthikarmaya|පත්තිනි නැටීම | 

Kamal Ranasinghe
Подписаться 27 тыс.
Просмотров 1 тыс.
50% 1

ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව හෙවත් දෙවොල් මඩුව පාතරට සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස දෙවොල් මඩුව නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත.
සශ්‍රීකත්වය සහ රෝග නිවාරණය අරමුණු කරගත් මෙම ශාන්තිකර්මය, සුළු සුළු වෙනස්කම් මගින් ගම්මඩුව, දෙවොල් මඩුව, පූණ මඩුව, මල් මඩුව, ගිනි මඩුව, ගරා මඩුව ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. ’ගම්මඩුව යන නම ගමක් හෝ ගම් කිහිපයක් මුල් කරගෙන සිදුකරන මණ්ඩපය යන අරුතින් සෑදී ඇත.
පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම සඳහා පහතරට බෙරය (දෙවොල් බෙරය / රුහුණු බෙරය) නමින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය භාවිත කරන අතර, හරකාගේ ආමාශයෙහි සිවියෙන් එහි බෙර ඇස නිමවා ඇත.
ගමක් හෝ ගම් කිහිපයක් ඒකරාශී වී පවත්වනු ලබන මෙම යාතුකර්ම විශේෂය, පාරම්පරිකව මුඛ පරම්පරාගතව පැවත එන විශ්වාස, ආකල්ප සහ ඇදහිලි මත සම්බන්ධ, කෘෂිකාර්මික අර්ථක්‍රමයකින් ජන්ම ලබා ඇත. ගොවිතැනෙහි මූලික අවස්ථාවන්ටත්, ගොවිතැන කෙරෙහි වැදගත්වන්නා වූ පාරිසරික බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, පුද්ගලයන්ගේ වසංගත රෝග ආදිය නිවාරණය කෙරෙහි අරමුණු කරගත් පහතරට ප්‍රදේශවල පවත්වන එකම ශාන්තිකර්මයයි. ගම්මඩුව ශාන්තිකර්මය කෘෂිකාර්මික ආර්ථීකය මත යැපුණ ග්‍රාමීය සමාජයක් තුළ ආරම්භ වූ අතර ආර්ථීක, සමාජයීය හා දේශපාලනමය වශයෙන් විපර්යාස සිදුවීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව වසන සෑම දිස්ත්‍රික්කයකම යාතුකර්මයේ මුහුණුවර වෙනස් කරමින් පවත්වනු ලබයි.
පත්තිනි නැටීම
පත්තිනි නැටීමට පෙර, පත්තිනි දේවිය ලෙස ස්ත්‍රී වේශයෙන් සැරසී සිටින කපු මහතා විසින් රඟමඩලේ ඉදිකර තිඛෙන පූජාසනයක තැන්පත් කර තිඛෙන හළං තොරණට වැඩම කරවීම සිදුකරයි. මෙතෙක් සුදු පිරුවටයක් හා සුදු අත්දිග භැනියමකින් සැරසී සිටි කපු මහතා රතු හෝ තැඹිලි වර්ණ සාරියකින් සැරසෙන අතර, වළලූ, තෝඩු, මාල දමා අලංකාර වෙයි. ඉන්පසුව උඩුවියන් පාවාඩ පිට දේවාභරණ මංජුසාව පත්තිනි තොරණ වෙත වැඩම කරවීම සිදුකරයි. අනතුරුව කඩතුරාව ඉවත් කර ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පැතීමක් සිදු කරන අතර 'වසංගතය ඇර යමි තොරණ දක්වනු' ලෙස කවි ගායනා වෙයි.
ඉන්පසු කපු මහතා පත්තිනි නැටීම ආරම්භ කරන අතර, මෙම නර්තන පත්තිනි දෙවියන් සඳහා වූ කරඬු පද හෙවත් පත්තිනි පද හතක් නැටීමෙන් සිදු කරනු ලබයි. එහිදී හළං තොරණින් ඉවතට ගෙන ගිගිරි හඬ නංවමින් 'ආවඩා, ආයුබෝවේවා!' ලෙස ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පතමින් හළං චලනය කිරීම සිදුකරයි.
"නපුරු නැකැත් වන් දිනයේ ඇටි කුළු ගෙරි කබර ගොයින්
කපුටු සුහුණු කැහැරැල් ඇඟ පහරා යළි ගෙට වදිමින්
එවිට සියලූ බකමූණන් ගෙයි කොණ ඇඬු උල ලේනුන්
එදුරු වේය හැම පිරිපත මෙ-තොරණ දුටු බලයෙන්"
මෙවැනි කවි විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ දෛනික ජීවිතයේ ගැමියන් අශුභ ලෙස විශ්වාස කළ සංකේතයන්ගෙන් දොස් දුරු කිරීමට, තොරණ දැකීමේ ආනුභාව බලයෙන් හැකියාව ලැබෙන බවය. එනම් මෙවැනි ස්තෝත්‍ර මහජනයාට සමීප කිරීමටත් එහි ඇති රෝග නිවාරණ ගුණය විදහා දැක්වීමත් කවි තුළින් පිළිබිඹු වේ. පත්තිනි නැටීම සිදු කරන්නේ කපු මහතා විසින් වන අතර, ඔහු ගොයිගම කුලයට අයත් වූවෙක් වෙයි. එය පාරම්පරිකව පිය-පුතු උරුමයෙන් 'කපු පත්තිනි' තනතුර ලැබෙන නමුත් වර්තමානය වන විට කපුරාළගේ ප්‍රධාන ගෝලයන්ට ද මෙම අවස්ථාව හිමි වී ඇත.
ශාන්තිකර්මයේ පත්තිනි භාගය මෙතනින් අවසන් වන අතර වාහල භාගය ඉන්පසු ආරම්භ වේ.
#devol madu shanthikarmaya
#Gammadu shanthikarma
#paththini dance

Развлечения

Опубликовано:

 

30 апр 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@ksport8836
@ksport8836 2 месяца назад
🥰😍🤩😘
Далее
Strong cat !! 😱😱
00:19
Просмотров 1,4 млн
Я ПОКУПАЮ НОВУЮ ТАЧКУ - МЕЧТУ!
39:05
Телеграмм-Колян Карелия #юмор
00:10
Ramayanam | K S Chithra | Traditional | 54 Min
54:01