Тёмный

දළදා වහන්සේ වන්දනා කවි | Dalada Wandana Kavi | Lunugalle Amitha Thero 

Lunugalle Amitha Thero
Подписаться 880
Просмотров 747
50% 1

දළදා වහන්සේ වන්දනා කවි | ලුණුගල්ලේ අමිත හිමි
Dalada Wandana Kavi | Lunugalle Amitha Thero
...වදිමු උතුම් මුනි දළදා...
තුන් ලෝ සතගෙ සිත් පිනවූ සහන්සේ
දිවිදුර නසා සරණවු මිනි පහන්සේ
ශ්‍රීමුඛ විජම් පද දෙසු පිපි ගොයුම්සේ
නමදිම් බැතින් මුනි දළදා වහන්සේ
රාජ හන්සයෙකු සේ වම්හනුව තුල
පුපුදා හික්මවිය ජනතා කුමුදු විල
පුරා සදහු වන් තුන් ලෝ එකලු කල
නමදිමි අතිඋතුම් දළදා නැමැති සිල
සත් වග සිත් නිවා ලොව්තුරු රැස් විහිදා
සෙන්කඩගලට නවෝද‍යක් දෙන දිනිදා
කරඩු සතක් මැද දිවමන් විය මුනිදා
සාදු සාදු නමදිමි මුනි. ශ්‍රී දළදා
දුටුවොත් වරක් බුදු හිමියන් දුටුව සමයි
ලොව්තුරු අමා සුව දළදා රුදුනු බිමයි
එහි ඇති මහා තෙද බල නම් නොමැති නිමයි
නමදිමු උතුම් දලදා සෙත එතැන තමයි
කේශ මූලයේ සගවා දළදාවෝ
දන්ත කුමරු හා හේ...ම මාලාවෝ
ජම්බුද්දීවීපයේ සිට මෙහි ගෙන ආවෝ
පෙළහර මවා පාමින් නෙක සිරි පෑවෝ
කන්ද උඩ රටේ දළදා මන් දීරේ
දෙසවන් පිනා යයි තේවා හඩ මීරේ
පෙලහර මවා පෑ අනතුරු ඇති වාරේ
දළදා වදිමු දුක් නැසුමට සංසාරේ
තුන් යම ඇසෙන බුදුබණ ගීයයි මදුර
පින් සිත් නැගේ දුරුවී අකුසල් පදුර
සන් සිදුවන්න අපි අපෙ ජීවන අදුර
යන් යන් වදින්නට ශ්‍රී දළදා මැදුර
නුවර වැවේ පිපෙනා සුදු නෙලුම් නෙලා
සුදු පිරුවටින් සැරසී ගත නැවුම් වෙලා
බුදු ගුණ ගය ගයා පිවිතුරු කැලුම් හෙලා
යමු කරඩුවේ දිවමන් අපේ බුදුන් බලා
දන්ත කුමරු හේමා ගෙන වැඩි දලදා
කුරහන් ගලක සගවා රැක ගත් දළදා
අහසට පැනනැගී රැස්වීදූව දළදා
නමදිමු සාදු නමදිමු අප මුනි දළදා
සිරිලක පුදසරින් මනනද තරිදු ලෙසින්
සෙන්කඩගලින් රැස් විහිදා මෙරට උසින්
රන්මිණි දිලෙන කරඩුවෙ වැඩ හිදින යසින්
දළදා සමිදු නොදකින කිම පලය ඇසින්
ඝන්ටා හඩද සුමිහිරි තේවා නාදේ
පින්වත් සදෙව් පුරවර දක්වා වීදේ
දෙවියන් වඩිති ඒ හඩ දිග නැත වාදේ
වැදහොත් බැතින් සසරෙම පව්මල සේදේ
දෙවියන් බඹුන් නිතරම උඩු ගුවනෙ සිට
පරසතු මදාරා ගෙන අත් මුදුන් කොට
වදිනා පුදන මෙන් දිවමන් සමින්දට
නමදිමු අපිත් සිරි දළදා වහන්සෙට
කිනිහිරෙ තබා කුලුගෙඩියෙන් පෙලීමට
දුන් කල එදා අන දළදා නැසීමට
දලදාවතුර විය පෙලහර මැවීමට
වදිනෙමු බලැති දළදා දුක් සිදීමට
නිරුපද්ද්‍රිත්ව අදටත් බැබලෙන ඕජා
සක්වල තලේටම විහිදාලන තේජා
නොයෙකුත් පුදහරින් දෙන උත්තම පූජා
වදිනෙමු නිවන් පතමින් ධාඨා රාජා
පෙර මෙන් විපත් කරදර මෙහි නැගෙන තැනේ
සෙත් සිරි විහිදුවා දොස් දුරු කරනු මැනේ
තුන් ලෝ සතම දෙන පිදුමෙන් තෙදව අනේ
බොදුමිණ රකිනු දළදා හාමුදුරුවනේ.....///
පිටපත- බිංගිරියේ සංජීව..
ලුනුගල්ලේ හිමිට..
#kavibana #lunugalleamithatherokavibana #abathelpahanpuja #sethkavi #bodipujakavi #Trending #kavi #tiktokviral #srilanka #Dalada_perahara #senkadagalapura #dalada_song #kandy

Видеоклипы

Опубликовано:

 

4 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 29   
@samanmalimendis2921
@samanmalimendis2921 2 месяца назад
දළදා වහන්සේට මාගේ හද පිරි නමස්කාරය වේවා සාදු සාදු සාදු! ඔබවහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා
@LunugalleAmitha
@LunugalleAmitha 27 дней назад
අදහස් දක්වන දිරිගන්වන ආශිර්වාද කරණ හැමෝටම තෙරුවන් සරණයි .යහපතක්ම වේවා ..❤❤ ඔබ හැමෝගේම අදහස් යෝජනා තවත් ලස්සන නිර්මාණයකට ආශිර්වාදයක්.අලුත් නිර්මාණයක් ලගදීම ඔබට ඇසීමට පුලුවන්..අහලා අදහස් දක්වන්න..❤❤❤
@kalpakumara7967
@kalpakumara7967 2 месяца назад
සාදු සාදු .... දළදා වහන්සේ උදෙසා හරී අපූරු සුගායනයක්... තෙරුවන් සරණයි ඔබ වහන්සේට..❤️❤️🙏👍
@SachiniBuddika
@SachiniBuddika 2 месяца назад
ලස්සනයි අපේ හාමුදුරුවනේ.මෙවැනි තවත් නිර්මාණ සිදු කිරීමට තෙරුදනේ ආශිර්වාදය ලැබේවා!!
@SameeraSandaruwan-el3jv
@SameeraSandaruwan-el3jv 2 месяца назад
Theruwan saranai ape hamuduruwane
@SrinathRajapaksha-x6b
@SrinathRajapaksha-x6b 2 месяца назад
ගෞතම බුදුන් වැඩි පිංබිම උපත ලැබ.. ලොව්තුරු මහා කරුණා ගුණ පතුරුවන.. ලෝ වැසි සැමට පිං පෙත් පුරවාලන්න.. ශ්‍රී දළදා ධාතු වැද පිං ලැබගන්න.. 🙏🙏🙏🌹🌹🌹🌹 සැම සිත් සතන් පුබුදාලන ගුණ ගයන.. උත්තම ධාතු වන්දනයට සිත යොමන.. මහා පිං කදක් සේ අප ඔබ හට පුදන.. ලැබ දෙනු සියලු ශක්තිය අප හිම් සදට...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@pradeepsanjeewa1457
@pradeepsanjeewa1457 2 месяца назад
ලස්සනයි නිර්මාණය..❤තව තවත් මෙවන් අපූරු දේශනා බිහිකරන්නට දළදාසමිදු සරණයි ඔබවහන්සේට🙏🙏🙏
@shashiniPiumika-ee2rd
@shashiniPiumika-ee2rd 2 месяца назад
🙏🙏🙏🙏🙏🙏
@SachiniBuddika
@SachiniBuddika 2 месяца назад
🙏🙏🙏🙏
@ayomawijerathne2852
@ayomawijerathne2852 2 месяца назад
ලස්සනයි ස්වාමින්වහන්ස..🙏🏻
@msomananda7150
@msomananda7150 2 месяца назад
@fury23346
@fury23346 2 месяца назад
🙏🏻🙏🏻🙏🏻
@sewminisawbhagya
@sewminisawbhagya 2 месяца назад
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 😊
@MahabolaneIndasirithero
@MahabolaneIndasirithero 2 месяца назад
තෙරුවන් සරණයි .සුමදුර දේශනාවක්
@GamageSuranga-xd2np
@GamageSuranga-xd2np 2 месяца назад
ඉතා වැදගත් හා උචිත කාව්‍ය නිර්මාණයක් සහ හිත නිවන හඬක්...ඔබ වහන්සේගේ උත්සාහය සහ කැපකිරීම ඉතා අගෙයි.....තව මෙවැනි නිර්මාණ බිහි වේවා .මගේ හාමුදුරුවන්ට බුදුසරණයි
@SachiniBuddika
@SachiniBuddika 2 месяца назад
❤❤🙏🙏🙏
@manurangibhagya7159
@manurangibhagya7159 2 месяца назад
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏❤️
@kosgolleamitha
@kosgolleamitha 2 месяца назад
Great
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or 2 месяца назад
සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට. මාගෙ නමස්කාරය වේවා.. උතුම් බුදුන් වැඩිය සිරි ලක් බිමේ.. පෙර පින් බලයෙන් පහළ උන.... මේ.. උතුම්.. පැවිදි දිවිය.... බුදු ගුණ වරුනෙන්... ආලෝකමත් කර... විඩාබර.. දුක්බර අහිංසක හදවත... ගොඩක් ලිහිල් විය.. සිත සතුටින් පිරි ඉතිරෙ ගියාය. මේ පින් අනුමොදන් වේවා. අම්මා තාත්තා ට. තෙරුවන් සරණයි. ❤️🙏🙏🌺🌹🌺🌹🌺🌹🌺
@chandimathero1481
@chandimathero1481 2 месяца назад
තෙරුවන් සරණයි
@SachiniBuddika
@SachiniBuddika Месяц назад
ලස්සනයි අපේ හාමූදුරුවනේ..මෙ කලයට ගැලපෙන කවිබනක් හාමුදුරුවනේ..තව තවත් මෙවැනි නිර්මාණ කිරීමිට නිදුක් නිරෝගි සුවය ලැබේවා..දීර්ගායු ලැබේවා.තෙරුවන් සරණයි
@හිතවත්මිනිසා
@හිතවත්මිනිසා 2 месяца назад
❤ රොකට්
@AruniMadushani-wt1ej
@AruniMadushani-wt1ej Месяц назад
ලස්සනයි අමිත හාමුදුරුවනේ තෙරැවන් සරණයි
@sriyapushpakanthi9171
@sriyapushpakanthi9171 Месяц назад
තෙරුවන් සරනයි ලස්සනයි
@Udaradanawansa
@Udaradanawansa Месяц назад
Thava thava kiyanna mevage sassana kavi kiyanna ahanna apita denna hamuduruvane
@kosgolleamitha
@kosgolleamitha 2 месяца назад
Great
@poojanethmini8649
@poojanethmini8649 Месяц назад
🙏🙏🙏🙏🙏🙏
@chandimamihirani1794
@chandimamihirani1794 2 месяца назад
🙏🙏🙏🙏🙏
@surangagamhewa
@surangagamhewa 2 месяца назад
🙏🙏🙏
Далее
යශෝදරණිය | Yashodaraniya | Kavi Bana
17:46
How Many Twins Can You Spot?
00:17
Просмотров 23 млн
НЮША УСПОКОИЛА КОТЯТ#cat
00:43
Просмотров 642 тыс.
Mirjalol Nematov & Dilnoz - Ko’zoynak
3:22
Просмотров 1,2 млн