tipitaka.lk/kn...
ද්වයතානුපස්සනා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්‍වාරාම නම් මිගාරමාතුපාසාදයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඳපිරුණු පුණුරැසි පොහෝලත් එදවස රාත්‍රියෙහි බික්සඟුන් විසින් පිරිවරණ ලද්දාහු අබවස්හි වැඩහුන්සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ අතිශයින් තුෂ්ණිම්භූත වූ භික්‍ෂුසඞ්ඝයා අනුවිලෝකන කොට මහණුන් ඇමැතූහ:
මහණෙනි, අනවද්‍ය වූ ආර්‍ය්‍යවූ නිර්‍ය්‍යාණයට හිතවැ වැටෙන (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) සම්බෝධිය එළවනසුලු යම් (සප්තත්‍රිංශද්බෝධිපාක්‍ෂික නොහොත් පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත) ධර්‍ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ සම්බෝධියට පමුණුවනසුලු එ ධර්‍මය අසනු තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්දැ’යි (කුමට තෙපි ඒ දහම් අසවු දැ යි) මහණෙනි, මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, ඔහු මෙසේ (ප්‍රත්ත්‍යුත්තරමුඛයෙන්) කියැයුතු වන්නාහ: (ලෞකික-ලෝකෝත්තර විසින්) ද්විවිධ කොට දක්වනලද ධර්‍මයන්ගේ ම යථාභූත (අවිපරීත) ඥානය සඳහා”යි.
කවරක් නම් ද්වයත යි කියවු ද යත්:
මෙ පඤ්චස්කන්‍ධය දුක යැ, මේ අෂ්ටශතතෘෂ්ණාවීචරිතය දුංඛසමුදය යැ යන මෙ එක් අනුපස්සනායෙකැ. මෙ දුඃඛනිරෝධය යැ, මෙ දුඃඛ නිරෝධගාමිනීපටිපදා යැ යන මෙ දෙවන අනුපස්සනා යි. මහණෙනි, මෙසේ මනා කොට ද්වයධර්‍මයන් පුනපුනා දක්නා සුලු අප්‍රමත්ත වූ කෙලෙස්තවන වැර ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂක වැ වාසකරණ භික්‍ෂුහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්‍වයහෝ (පුනර්‍භව වශයෙන් ගතයුතු) ස්කන්‍ධශේෂයක් ඇතිවත් ම අනාගාමිභාවය හෝ යැ යන ද්විධඵලයන්ගෙන් අන්‍යතර ඵලයෙක් කැමැතිවිය යුතු ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වු ශාස්තෘන් වහන්සේ මෙය වදාරා යලිත් අන්‍ය වූ තෙල ගාථා ද වදාළසේක:
727. යම් මහණ කෙනෙක් පඤ්චස්කන්‍ධදුඃඛය නො දනිත් ද, වැලිත් එ දුඃඛයාගේ සමුදයත් නොදනිත් ද, යම් නිර්‍වාණයෙක්හි සර්‍වප්‍රකාරයෙන් නිරවශේෂ කොට දුඃඛ නිරෝධය වේ නම් එ නිවන හා දුඃඛොපශමයට යන එ මාර්‍ගයත් නො දනිත් ද,
728. (අර්‍හත්‍වඵලසමාධිසඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තියෙන් පිරිහුනු වැලි ප්‍රඥාවිමුක්තියෙනුදු හීන වූ ඔහු දුක් කෙළවර කිරීමට අභව්‍යවෙති, ඒකාන්තයෙන් ඔහු ජාතියට හා ජරාවට පැමිණියාහුය. (ජාතිජරායෙන් නො මිදුනාහු වෙතී සේ යි)
729. යම් මහණ කෙනෙකුන් පඤ්චස්කන්‍ධදුඃඛය තත්වූ පරිදි දනිත් ද වැලි එ දුඃඛයාගේ සමුදයත් දනිත් ද, යම් නිවනෙක්හි සර්‍වප්‍රකාරයෙන් අශේෂ කොට දුඃඛය නිරෝධයට යේ නම් එය ද, දුඃඛව්‍යුපශමයට යන එ මාර්‍ගසත්‍යයත් තත්වූ පරිදි දනිත් ද,
730. (අර්‍හත්‍වඵලසමාධි) චිත්තවිමුක්තියෙන් සමන්‍වාගත වූ ද, වැලි (අර්‍හත්‍වඵල) ප්‍රඥාවිමුක්තියෙන් සමන්‍වාගත වූ ද ඔහු වර්‍තදුඃඛය කෙළවර කරණු සඳහා භව්‍ය වෙති, ඔහු ඒකාන්තයෙන් ජාතිජරාවට නො යන්නාහු වෙතැ’යි.
ඉදින් මහණෙනි, “අන්‍ය පර්‍ය්‍යායෙකිනුදු සම්‍යග්ද්වයතානුදර්‍ශනායෙක් වන්නේ දැ”යි මෙසෙයින් පුළුවුස්නාහු වෙත් නම්, ‘වන්නේ’යි කියැයුතු වෙත්, කිසෙයින් වේය යත්: යම් කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක (සාස්‍රවකර්‍මසඞ්ඛ්‍යාත) උපධිප්‍රත්‍යයෙන් වේ යන මෙ එක් අනුදර්‍ශනායෙක, එ උපධීන්ගේ ම අශේෂවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැතැ’යි යන මේ ද්විතීයානුදර්‍ශනා වෙයි, මෙසෙයින් සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ යයි. වැලි ශාස්තෘන් වහන්සේ අන්‍ය වූ ද තෙල ගාථා වදාළහ:
මෙම උතුම් දේශනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ, පුජනීය පානදුරේ චන්දරතන හිමිපාණන්ව පාද නමස්කාර පුර්වකව වන්දනා කරමු. තව තවත් උන්වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනාවන් පවත්වන්නට කායික හා මානසික ශක්තිය, එමෙන් ම ධර්ම ඥාණය ද දිනෙන් දින දියණු වේවායි පතන්නෙමු. කෙටිම කෙටි කාලයකින්, පහසුම ආකාරයකින්, සියළු කෙළෙසුන් කෙරෙන් දුරු වී පරම ගම්භීර චතුර්ය්‍ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මෙම ධර්ම දේශනාමය කුසලය හේතු වේවායි පතන්නෙමු.
දේශනාව සංවිධානය කල සැමට, ඊට දායක වූ සැමට, මේ අයුරින් පටිගත කල සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ කෙළවර සසර දුක් අවසන් කර ගැනීම පිණිසම මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි පිං අනුමොදන් කරමු
26 авг 2024