Тёмный

මිහින්තලය Mihinthalaya  

Pikus Travel Talks
Подписаться 287
Просмотров 322
50% 1

මිහින්තලේ පූජනීය ස්ථාන සහ පුරාවිද්‍යාත්මක ස්මාරක.
මිහින්තලේ ඉතිහාසය
උතුරුමැද පළාතේ ඓතිහාසික අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් නැගෙනහිරින් පිහිටි මිහින්තලේ කඳුගැට හතරකින් සමන්විත වෙයි. මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද ඊට අයත්ය. මෙය පැරණි යුගයේ “මිස්සක පබ්බත” නමින් ප්‍රකටව තිබූ අක්කර 450 ක භූමි භාගයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1014 ක් උස මිහින්තලේට “චේතිය පබ්බත” “චේතිය ගිරිය” “සෑගිරය” “සෙස්ගිරිය” හා “අම්බස්තලය” යන නම් ද භාවිත විය. මේ මහාභද්‍ර කල්පයේ මෙලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩමවා සමවත් සුවයෙන් වැඩසිටියා වූ ද මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ විසුවා වූ ද මිහින්තලේ අති පාරිශුද්ධ වු ද, අති පූජනීය වූ ද උතුම් වූ පුණ්‍ය භූමියකි. එහෙයින් මෙම ශ්‍රේෂ්ඨ භූමිය සොළොස්මස්ථාන වලින් වැදගත්ම සිද්ධස්ථානයක් ලෙස වැදගත් වේ.”
පහත දැක්වෙනුයේ මෙම පූජනීය ප්‍රදේශය පුරා විසිරී ඇති වැදගත් ස්ථාන පිළිබඳ කෙටි හැඳින්වීමකි.
වටදාගේ (සේල චෛත්‍යය).
සේල චෛත්‍යය පිහිටි ස්ථානයේ දී මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුණි. එය අනුස්මරණය සඳහා දැනට එහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටා තිබේ. මෙහි මුලින්ම ස්තූපයක් (ශිලා චේතියක්) කරවන ලද්දේ මහාදාඨික මහානාග රජු ( ක්‍රි.ව. 1 සියවස) විසිනි.
ආරාධනා ගල.
සේල චෛත්‍යය අසළින් ඉහළට නැඟීමට තිබෙන උස් වූ පර්වත කූටය ‘ආරාධනා ගල’ ලෙස හැඳින්වෙයි. ධර්ම දේශනා ආරම්භ වීමට මත්තෙන් දෙවියන්ට ආරාධනා කිරීම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිරිතකි. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ ආරාධනා ගල මුදුනට නැඟී ධර්ම ඝෝෂාව (සමන්තා චක්කාවාලේසු, අත්‍රාගච්ඡන්තු දේවත) හාත්පස සක්වල වෙසෙන දෙවිවරු මෙහි පැමිණෙත්වා ) පැවැත් වූ බව සඳහන් වෙයි.
පියගැට පෙළ.
ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති පැරණි පියගැට පෙළ අතරින් අද්විතීය අසමසම නිර්මාණය මිහින්තලේ පියගැට පෙළයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ කොටස් තුනකිනි. මැද මළුව තෙක් දිවෙන පියගැට පෙළ එකකි. කණ්ටක චේතිය දක්වා වූ කොටස හා මැද මිදුලේ සිට අම්බස්තලය දක්වා විහිදෙන පියගැට පෙළ අනික් දෙකයි. තවත් පිය ගැට පෙළක් උඩ මළුවේ සිට මහසෑය මළුව දක්වා දිවේ. මැද මළුවට දිවෙන පියගැට පෙළ ස්වාභාවික පර්වතයෙන් නෙලන ලද පියගැට 150 කින් පමණ යුක්ත වන අතර, සෙසු කොටස් පියගැට අල්ලා සකස් කර තිබේ. වර්ෂ 1952 කරන ලද ගණන් බැලීම අනුව මුළු පියගැට පෙළ පඩි 1840 කින් යුක්තය.
IV වන මිහිඳු රජුගේ මිහින්තලේ පුවරුලිපිය.
මැද මළුවෙන් ඉහළට ඇති පියගැට පෙළින් ගොඩ වූ විට සන්නිපාත ශාලාවට වම් පසින් ඉහළ භූමියේ ඇති ගොඩනැගිල්ලේ (ධාතුඝරය) දොරටුව දෙපස සවිකර තිබෙන ඔපමට්ටම් කර ඇති අක්ෂර ලියා ඇති සෙල් පුවරු දෙක ‘මිහින්තලේ පුවරු ලිපිය’ නමින් හැඳින්වේ. ක්‍රි.ව. 10 සියවසේ 4 වෙනි මිහිඳු රජු විසින් රචනා කරවන ලද මෙහි චේතියගිරියේ (මිහින්තලේ) විහාරස්ථානවල අභ්‍යන්තර පාලනය පිළිබඳ නීතිරීති, භික්ෂූන් පිළිපැදිය යුතු නීතිරීති, සිරිත් විරිත් හා සම්ප්‍රදායයන්ද උන්වහන්සේලාට රජයෙන් කළ ගරු සැලකිලි, විහාරයේ සේවක පිරිස හා ඔවුන්ට ගෙවූ වැටුප් හා විහාරයට ගම්බිම්වලින් අයත් විය යුතු බදු මුදල් යනාදි කරුණු පිළිබඳ විස්තරයක් ඇත.
මිහිඳු ගුහාව.
මිහින්තලේ සිට අනුරාධපුරයටත් අනුරාධපුරයේ සිට ආපසු මිහින්තලේටත් වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ නාග පොකුණෙන් ස්නානය කර පර්වතයට වැඩම වූ බව (මහාවංශය 16.6) සඳහන් වෙයි. නාග පොකුණට ඉහළින් කන්දේ අනික් පස බෑවුමේ ඇති එකම ලෙන වර්තමානයේ හැඳින්වෙන්නේ “මිහිඳු ගුහාව“ නමිනි. වංශකතා තොරතුරුත් මේ නමත් අනුව මිහිඳු මාහිමියන් වැඩ විසුවේ මෙම මිහිඳු ගුහාවේ බව පැහැදිලිය. මෙය කෙනෙකුට සයනය කළ හැකි පරිදි සෙල් පෘෂ්ඨය ඇඳක් මෙන් සකසා ඔප මට්ටම් කර තිබේ.
නාග පොකුණ.
දේවානම්පියතිස්ස රජු “නාගචතුෂ්ක” නම් ස්ථානයක සිට බත් අනුභව කළ බවත් , මිහිඳු මා හිමියන් නාගචතුෂ්ක නම් ස්ථානයේ විලකින් පැන් සනහා පර්වතයට වඩින බවත් 1 වෙනි අග්ගබෝධි රජු ( ක්‍රි.ව. 571 - 604) ‘නාගසොංඩි පොකුණ කළ බවත් මහාවංශයේ සඳහන් වෙයි. පර්වත බෙයඳේ කැටයම් කර තිබෙන පෙන පහකින් යුක්ත නාගයෙකුගේ පෙන ගොබයේ හැඩය තිබෙන බැවින් පසුකාලීනව එනමින් හැඳින්වෙන්නට ඇත.
ශිලා ලේඛන.
මිහින්තලේ ගල් ලෙන්වල තිබෙන 106 කට අධික වූ ලෙන් ලිපි ක්‍රි.පූ. 3 වන සියවසේ සිට රචනා වු මෙරට පැරැණිම මෙන්ම මුල්ම සෙල්ලිපිය. ඒවායේ සඳහන් වන්නේ එම ලෙන් සතර දිගින් වඩින සංඝයාට පූජා කරන ලද බවයි. දේවානම්පියතිස්ස රජුගේ බිසවකගේ හා උත්තිය රජුගේ සෙල්ලිපි ද මේ අතර තිබේ. උඩමළුවේ වර්තමාන කාර්යාලය අසල ගල් පර්වතයක තිබෙන ත්‍රිකායස්තව පර්වත ලිපිය බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය, සම්භෝගකාය හා නිර්මාණකාය යන ත්‍රිකායට වන්දනා කරන සංස්කෘත ශ්ලෝක තුනක් තිබෙන මහායානිකයන්ගේ සෙල් ලිපියකි. මෙය ක්‍රි.ව. 7 වන සියවසට අයත්වේ.
අටසැට ලෙන්.
මිහින්තලේට වැඩමවූ මිහිඳු මා හිමියන් ඇතුළු පිරිස අනුරාධපුරයට වැඩමවා දින 7 කට පසු නැවත මිහින්තලේට වැඩි දිනයේ මහාරිට්ඨ අමාත්‍යයා සහ පනස් දෙනෙකු පැවිදි වූහ. එදින සිට භික්ෂූන්ගේ නේවාසික පහසුකම් සපයනු පිණිස අටසැට ලෙන් සැකසීම ආරම්භ විය. කණ්ටක චේතිය අවට ස්වාභාවික ලෙන්වල කටාරම් කොටා ( පසු කාලයේ ඉදිරිපස බිත්තිවලින් ආවරණය කොට) අනතුරුව එළැඹි ඇසළ මස පුරපසළොස්වක පෝය දින භික්ෂූන්ට පුජා කරන ලදී. මේ හැර මිහින්තලේ ප්‍රධාන පියගැට පෙළ වම්පසින්ද රාජගිරි ලෙන කන්දේ කළුදිය පොකුණ අවට හා සිංහ පොකුණට උතුරින්ද පසුකාලයේ ලෙන් සකස් විය. කටාරම නිසා වැසි ජලය ලෙන තුළට වැස්සීම අවහිර විය.
කටුසෑය.
ජනප්‍රවාදවල කියවෙන පරිදි මිහින්තලේ ගොඩනැගිලි ආදි කර්මාන්ත සඳහා භාවිත කළ අවි ආයුධ හා උපකරණ තැන්පත් කර කටුසෑය ඉදිකර තිබේ. නැගෙනහිරින් දොරටුව, මුරගල්, කොරවක් ගල්, සඳකඩ පහණ, පියගැට පෙළ ආදිය තිබේ. සෙ.මී. 85 ක් වූ වේදිකාවක් මත ඉදිකර ඇති චෛත්‍යයේ පේසාවළලු සෙල්වලින් නිර්මාණය කර තිබේ.

Опубликовано:

 

9 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@sachinmalidu2723
@sachinmalidu2723 Месяц назад
@shyashafernando1035
@shyashafernando1035 17 дней назад
❤❤
@PikusTravelTalks
@PikusTravelTalks 16 дней назад
😍😍😍
@TreeLeaves-qk6ij
@TreeLeaves-qk6ij Месяц назад
😍🤩
@PikusTravelTalks
@PikusTravelTalks Месяц назад
☘️🤩
@dilshanwijewardana6055
@dilshanwijewardana6055 Месяц назад
❤💪
@PikusTravelTalks
@PikusTravelTalks Месяц назад
🍀☘️🤩
Далее
АХХАХАХАХАХАХАХАХ
00:16
Просмотров 125 тыс.
Нарвался на сотрудника ФСБ⚡️
01:00
Mihinthalaya | මිහින්තලය | 4k
2:39
АХХАХАХАХАХАХАХАХ
00:16
Просмотров 125 тыс.