Тёмный

PREMASIRI KHEMADASA - මැති ඇමතිවරු - Difficulty of governing 

Подписаться
Просмотров 7 тыс.
% 192

"පාලනය රට පාලනය" ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා ව්‍යාපාරය විසින් 1986 දී නව රගහලේ ඉදිරිපත් කළ "නිදි නැති නදියේ නාදය" වෙනුවෙන් බර්ටෝලඩ් බ්‍රෙෂ්ට් ගේ "Difficulty of Governing" කාව්‍ය සංකල්ප ඇසුරෙන් කරන ලද අනුවර්තනය
පද රචනය - විජිත ගුණරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ග්‍රැන්විල් රෙඩ්රිගූ, සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස්, මාර්ෂල් ජනතා, සුනිල් වේරගොඩ, සුනිල් විජේසිරිවර්ධන, චන්දන ලියනගේ, අමරසිරි පීරිස්, රෙඩ්ලි සිල්වා, නිර්මලා රණතුංග සහ ඇන්ටන් ජූඩ්

Опубликовано:

 

11 сен 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 17   
@pandulagodawatta7398
@pandulagodawatta7398 2 года назад
හිට්ලර්ගේ ඇමති මන්ඩලය මැති ඇමතිවරු සීරුවෙන් පෙන්වා දෙති වැසියනට ලෙහෙසි නැති පහසු නැති කාරියක් බව පාලනය රට පාලනය අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරන මත ගොයම් බීජ අංකුර උඩ අතට නොව මඩ යටට ඇදෙනවා සිකුරුයි! බල ශක්ති පාලනයටත් නොසිටින්න ලොක්කෙක් එන්නෙ නැහැ එක අඟුරු කැටයක් මේ පොලෝ ගැබ තුලින් ඉහලට ලොක්කෙක් නැත්නම්! ආගම් සදාචාරෙට වගකියන උතුමන්ට ආයුබෝ නොවේ නම් නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි! කට! කට! නොසිටින්න යුධ ඇමති යුධයක් වත් පුලුවන් ද කෙරුමට? ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි මහ ඇමතිගේ අවසරය නොලැබුනොත් නම් ඉතින් කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ? එහෙම උනොත් නැහැ කිසි සැකයක් පායාවී හිරු දෙවියෝ බටහිර අහසින් අගේට. මහ ඇමතිගේ අවසරය නොලැබුනොත්! ........................................................... ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය නොමැතිනම් කොටස් හිමියන් බිත්ති පුපුරා බිම වැටී මල බැඳී දිරා යාවී මැෂින් භක්තියෙන් වගකීමෙන් දේව බැල්මක් මහා අසිරියක් නිසා තවමත් නඟුල් හැදුවත් ගොවියෝ නොදනී කිසිම හසරක් එහෙවු එකේ කැපවී මුලු හදින් ප්‍රචාරය දෙන කොම්පැනි වලට පින් නඟුල දෙනවට ගොවියගෙ ඔලුවට නොසිටින්න කුඹුරු හිමියෝ කුමක් වෙයිදෝ කුඹුරු යායට? අනේ දෙවියනි හෙලනු මැන නෙත් වී ඉහින කුඹුරුවල පොල් ගසුත් හිටවාවි ගොවියෝ! ........................................................... රට පාලනය කිරීමත් ඒ තරම් සුලු වැඩක් නම් කෙස් පැලෙන මත ගෙනෙන ඔලුගෙඩි මොටද කෙරුමන්ට? යන්තරය දුවවන්න දන්නවා නම් කම්කරුවො කුඹුරක පිඟානක වෙනස තෝරා දෙන්න දන්නවා නම් ගොවියෝ කොටස් හිමියන් ඉඩම් හිමියන් මිහි මතට තවත් මොකටද? අපි හැමෝම තකතීරුවො අන්න ඒක නිසා තමයි කෙස් පැලෙනා මොල කාරයො අතලොස්සක් ඕනෙ අපට සිතිය යුතුයි යලි යලි මේ ගැන අපි ම ඇයි රට පාලනය මේ තරමට අසීරු? සූරාකමින්, බොරු කියමින් වැජඹෙන්න යන්තම් හරි උගත් කමක් ඕනෑ නිසාමද? අපි හැමෝම තකතීරුවො අන්න ඒක නිසා තමයි කෙස් පැලෙනා මොල කාරයො අතලොස්සක් ඕනෙ අපට
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 2 года назад
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 11 වැනි ගුණ අනුස්මරණය නිමිත්තෙන් 2019 වසරේදී කේමදාස පදනම විසින් පැවැත්වූ "බලන් කඩතුරා හැරදෑසේ" ප්‍රසංගයට මමද සහභාගී වූ අතර එහි "මැති ඇමතිවරු" යන අංගයට ගායනයෙන් හා රංඟනයෙන් දායකවීමට මට ලැබුනු අවස්ථාව ජීවිතයේ මා ලද මහත් භාග්‍යයක් කොට සලකමි.ඒ සඳහා අවස්ථාව උදාකර දුන් ගයත්‍රි කේමදාස ගුරු මෑණියන්ට මගේ හදපිරි ගෞරවය ස්තූතිය පුදකරමි 🙏🙏🙏
@danushkaniroshan5158
@danushkaniroshan5158 11 месяцев назад
🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 ගැබුරු අර්ටතයක් ගීතයේ... මැති සබේ පාලනය,රටේ පාලනය, මනාව පෙන්වා ඇත... 🤗🤗🤗 නිවැරදි මගට ගන්න පාලකයන් නිවැරදිව පාලකයෙක් සැදුමට හදවතින්ම ලස්සන ගීතයක්... 🤗🤗🤗
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 года назад
සර්ව කාලීනයි. මේ ශ්‍රෙශ්ට නිර්මාන මෙපමනටවත් ඉතිරිව තිබීම අනාගත පරපුරට ලැබුනු අමිල තිලිනයක් . කොපමන දේවල් පුහුනුවූ හඩින් කලහැකිද යන්න ඉගෙන ගන්න මේක අවස්තාවක් කර ගනී කියලා විශ්වාස කරමි.
@jinidu
@jinidu Год назад
තවත් සියවස් ගණනකට වලංගු නිර්මාණ.. 👌
@bhagyachandrasiri9690
@bhagyachandrasiri9690 2 года назад
I'm feeling this in real right now!
@Ashted229
@Ashted229 2 года назад
Please upload පාලම යට theme🖤
@dulasharanaweerasinghe3622
@dulasharanaweerasinghe3622 2 года назад
❤️❤️❤️❤️
@Ashted229
@Ashted229 2 года назад
❤️
@gkweer7518
@gkweer7518 Год назад
මාෂල් ජනතා ඇතුලු පිරිස
@induli3ds117
@induli3ds117 2 года назад
👌🙏♥️
@janitha371
@janitha371 4 дня назад
මහින්දයගෙයි රනිලගෙයි සජියගෙයි ඇමති මණ්ඩල ටික ගැන කියලා තියෙන්නෙ 😂❤ උන්ගෙ පක්ෂ වල උන් නැත්නම් රට මෙච්චර දියුණු වෙයිද? බංකොලොත්කමින් ආසියාවෙ අංක එක 😍
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 2 года назад
මේ ගීතත් මාධ්‍යය ප්‍රචාරයට තහනම් වූ ගීත ද?
@anukindeepa222
@anukindeepa222 2 года назад
ඒක නම් හරියටම දන්නෙ නෑ හාමුදුරුවනෙ හැබැයි ගායකයන්ට රූපවාහිනියෙ රැකියාව පිළිබද ප්‍රශ්න ඇති උනා කියල මාස්ටර් කියල තියනව
@upalirajapaksha
@upalirajapaksha Год назад
ow hamuduruwane
@SkyOo99
@SkyOo99 2 года назад
♥️