සාමාන්‍යයෙන් සින්දු ලියපු දවස පාඩම් නෑ , ඒ වුනාට 'සුදු ඇත් පොව්වෙක් ' මම ලීවෙ හරියටම 1999 ජූලි මාසෙ 01 වෙනිදා
මා සිටියෙ ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක එකේ !
ලොකු දුව ත් ගත්තෙ සිසේරියන් සැත්කමකින් .. මෙයත් දෙවෙනියත් එහෙමයි
සුභාෂිනි ව හෙට තියෙන ශල්‍ය කර්මයට අද tests වලට එක්ක ගිහින් ! කාමරේ මළ පාළුයි . කිසිකෙනෙක් නෑ ... එකපාරටම නිරෝෂා මොබයිල් එකෙන් .. එයා නැලවි නැලවි කියනවා
" මට ගැබ්බර අම්ම කෙනෙක් විධියට , සුදු ඇඳල , වැස්සක , මහා කන්දක් උඩක තෙමි තෙමි සිංදුවක් ඕනෙ අයියෙ "
" මං ඉන්නෙ කොහෙද කියල දන්නවද ?"
මම කල්පනාවට වැටුන .. දොස්තර හේමන්ත පෙරේරා ඇතුළු මොනතරම් අය කීවද බලාගනින් දුවෙක්ද පුතෙක්ද කියල .. ඉන්නෙ දුවෙකනේ ! මට ඕනේ නෑ ! ඒත් සුභාෂිනි කියනවා උදර රැළි පෙන්නලා " මූ නං දගයෙක් .. කොල්ලෙක් වෙන්නැති "
" මට ඕනේ දරුවෙක් , දුවෙක් පුතෙක් නෙමේ මොන විධියට ආවත් භාර ගත යුතු දරුවෙක් "
අඳුරු සිතුවිලි .. සුභාශිනිට අමාරු වෙයිද ? හිත වෙනස් කරගන්න ලියන්න ගත්ත සිංදුව
"හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා - නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙන් මට සිතෙනා "
" නුඹ දුවක වුනත් මට පුතෙකු උනත් මා නුඹට පුදන්නේ වෙනසක් නැති එක ආදරයයි "
මේ පාර විතරක් නෙමෙයි නිරෝෂා කීප විටක් ම මා දුටුවා තිරයෙ අඬනවා ..
නිරෝෂා මම ඇඩුවෙ මේ සිංදුවෙ තනු දාන්නත් කලියෙන් !
නිරෝෂා දැන් කඳුළු පිහිදාගන්න !
ඔබටත් මව් පදවිය ලැබෙයි
අඬන්න එපා
20 апр 2021