Тёмный

Suvisi Wiwarana Pooja Department Of Cultural Affairs ~ සූවිසි විවරණ නෘත්‍ය පූජා මංගල්‍යය 

CultureTV
Подписаться 9 тыс.
Просмотров 2,7 тыс.
50% 1

suvisi wiwarana pooja
The Department renders a great service for the advancement of the culture through compilation and implementation of programs for the preservation, promotion and propagation of literary arts and cultural activities with the Sri Lankan identity.
Suvisi Vivarana is based on one of the ancient traditional dance forms found in the country. It is set in the backdrop of a Buddhist rural village. The twenty four declarations given to the Bodhisattva (future Gautama Buddha) by twenty four former Buddhas approving him as the Buddha designate. There is also a gallery of “Suvisi Vivarana” comprising 24 statues of past and future Buddhas. this traditional Suvisi Vivarana pooja Dance was held at the National Art Gallery The National Art Gallery in Colombo, Sri Lanka.
සූවිසි විවරණ නෘත්‍ය පූජා මංගල්‍යය
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන කණ්ඩායම් ශිල්පීන් විසින් පවත්වන ලද සූවිසි විවරණ නෘත්‍ය පූජා මංගල්‍යය සංස්කෘතික අධ්‍යක්ෂ තුමියගේ ප්‍රධානත්වයෙන් 2023.06.06 දින ජාතික කලාභවනේදී පවත්වන ලදී.
සූවිසි විවරණ නෘත්‍ය පූජාව පිළිබඳ අධ්‍යයනයක්
සූවිසි විවරණ නෘත්‍ය පූජාව හා බැඳි සමාජ සංස්කෘතික පසුබිම
අප මහා ගෞතම බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුදුවරුන් විසිහතර නමකගෙන් බුදුවීම සඳහා නියත විවරණ ලබාගත් ආකාරය සිහිපත් කරමින් එම සූවිස්සක් වූ බුදුවරයන් වහන්සේලා උදෙසා මල්, පහන්, දැහැත්, ගිලන්පස, බෙහෙත් ද්‍රව්‍ය, පිරිකර, සුවඳ හඳුන් වර්ග ආදිය පූජා කරමින් නෘත්‍ය ගීත වාදන සහිතව කරනු ලබන භක්ති ගීතමය පූජා කර්මයක් ලෙස සූවිසි විවරණය හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ තෙරුවන් විෂයෙහි ශ්‍රද්ධාව භක්තිය වැඩමවීමයි. බුදුරජාණන් පිළිවෙළින් නිවන ලබා ගත් ආකාරය ගද්‍ය පාඨයන්ගෙන් පැහැදිලි කරමින් භික්ෂූන් වහන්සේ ධර්ම දේශනාවෙහි යෙදෙන අතර නර්තන ශිල්පීහු පන්තේරු ගෙන අත් සරඹ දක්වමින් විවරණ විස්තරයෙන් කියැවෙන කවි ගායනා කරත්. විවිධ තිත් මාත්‍රා යොදාගනිමින් විවරණ 24ටම අදාළව කවි ගායනා කරමින් නර්තනය කරනු ලබත්. බෞද්ධාගමත්, සිංහල ගැමි සමාජයත් ඍජුවම සම්බන්ධ වන නර්තන පූජා ක්‍රමය වන්නේ සූවිසි විවරණයයි. මහනුවර යුගයේදී ආරම්භ වී ක්‍රමයෙන් විකාසනය වී ඇති බව ඒ පිළිබඳව කරුණු විමසීමේදී අනාවරණය වේ.
දිනක්, දින තුනක්, දින හතක් වශයෙන් රැය පහන් වනතුරු සුවිසි විවරණ පූජා කර්මය සිදු කරනු ලබයි. ලැබී ඇති කාලය අනුව විවරණය ඉදිරිපත් කිරීම අඩු වැඩි වශයෙන් සිදු කරයි. දෙහිමඬුව සහ හලාගිරිය යන පරම්පරාවන් 19වන ශත වර්ෂයේ මුල් භාගයේ සිට සූවිසි විවරණ ක්‍රමය ලක්දිව පුරාම සුලභව පැවැත්වූ කාලයක් විය. පූජාර්ථය පදනම් කර ගනිමින් පැවති සූවිසි විවරණය වර්තමානය තුළත් ඒ අයුරින්ම සිදු වනවාද යන්න අධ්‍යයන ගැටලුවෙහි පිහිටා සිදු කරන ලද පර්යේෂණයකි. වර්තමානය වන විට සූවිසි විවරණ නෘත්‍ය පූජාව දැකගත නොහැකි තරම්ය. නමස්කාර ගාථා, පන්තේරු කවි ගායනා සහ සූවිසි විවරණ කවි අසිරිමත් සූවිසි විවරණයේදී බාවිතයට ගන්නා ප්‍රධාන අංගයන් වේ. ඒ කෙරෙහි වූ ශිල්පීන්ගේ හිඟත්වය මෙන්ම සමාජ වෙනස්වීම්ද මූලික වී ඇත.
සද්ධර්මරත්නාවලීකාර ධර්මසේන යතිවරයාණෝ මෙම මහා ධර්ම ප්‍රබන්ධය අරඹන්නට සූවිසි විවරණ කථා පුවත් කෘතිය ආරම්භයෙහිම යෙදූහ. එහි ඉතාම රමණීය වර්ණනා අන්තර්ගත බැවින් ද බොහෝ දෙනා සද්ධර්මරත්නාවලියෙහි කතා පුවත් මිස ආරම්භක සූවිසි විවරණ වර්ණනාව පිළිබඳ අවධානය යොමු නොවේ.
දීපංකර බුදුන්ගෙන් කල්ප අසංඛ්‍යයක් ගිය පසු කොණ්ඩඤ්ඤ බුදුහු ලොව පහළ වෙති. එකල බෝසත්හු විජිතාවි නම් සක්විති රජව විවරණ ලබති. අනතුරුව මංගල නම් බුදුන් වෙතින් සුරුචි නම් බ්‍රාහ්මණට ඉපිද විවරණ ලද අතර අනතුරුව සුමන නම් බුදුන් වෙතින් අතුල නම් දිව්‍ය නාගව ඉපිද විවරණ ලද බව කතුවරයාණෝ දක්වති. අනතුරුව බුදුවන්නේ රේවත නම් බුදු කෙනෙකි. එකල අප බෝසතාණන් වහන්සේ අතිදේව නම් බ්‍රාහ්මණයෙකුව ඉපිද නියත විවරණ ලද බවත්, පිළිවෙළින් සෝභිත බුදුන්ගෙන් සුජාත නම් බ්‍රාහ්මණව ද, අනෝමදස්සී බුදුන් කල යක් සෙනෙවියකුව ද, පදුම නම් බුදුන් හමුවෙහි සිංහයකුව ද, නාරද නම් බුදුන් හමුවේ තාපසයෙක්ව ද, පදුමුත්තර බුදුන් හමුවෙහි ජටිල නම් තාපසයකුව ද, සුමේධ බුදුන් හමුවේ උත්තර නම් ළදරුවෙකුට ද සුජාත නම් බුදුන් හමුවෙහි සක්විති රජෙකුව ද, පියදස්සී බුදුන් හමුවෙහි කාශ්‍යප නම් බ්‍රාහ්මණයකුව ද, අත්ථදස්සී බුදුන් හමුවෙහි සුසීම නම් බ්‍රාහ්මණව ද, දම්මදස්සී බුදුන් හමුවෙහි සක්දෙවිඳුව ද, සිද්ධාර්ථ බුදුන් හමුවෙහි මංගල නම් බ්‍රාහ්මණව ද, තිස්ස බුදුන් හමුවෙහි සුජාත නම් රජව ද, ඵුස්ස බුදුන් හමුවෙහි විජිතාවි නම් රජව ද, විපස්සී බුදුන් හමුවෙහි අතුල නම් දිව්‍ය නාග රාජව ද, සිඛී නම් බුදුන් හමුවෙහි අරින්දව නම් රජව ද, වෙස්සභු බුදුන් හමුවෙහි සුදර්ශන නම් රජව ද, කකුසඳ නම් බුදුන් හමුවෙහි ඛේම නම් රජව ද, කෝනාගමන බුදුන් හමුවෙහි පර්වත නම් රජව ද, කාශ්‍යප නම් බුදුන් හමුවෙහි ජෝතිපාල නම් බ්‍රාහ්මණව විවරණ ලද අයුරු ඉතා චමත්කාර වර්ණනා ඔස්සේ ධර්මසේන හිමියෝ ඉදිරිපත් කරති. මේ අනුව සද්ධර්මරත්නාවලී කතා කරුවා එක්වරම කතා විවරණයට නොගොස් සූවිසි විවරණයට මග පාදා ගැනීම තුළින් ශ්‍රේෂ්ඨ කෘතියක් බවට මෙය පත් කර ගෙන තිබෙයි.
සිතින් බුදුබව පතමින් 125000 බුදුවරුන්ද, වචනයෙන් බුදුබව පතමින් 387000 බුදුවරුන්ද දැකීමෙන් අනතුරුව දීපංකර පාදමූලයේදී පළමු විවරණය ලද අප ගෞතම මහා බෝධි සත්වයෝ එතැන් පටන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතා සපුරා සිවිසි විවරණ ලැබූ සේක.
suvisi vivarana pooja, Details of Suvisi Vivarana, Suvisi Vivirana, සූවිසි විවරණ,

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 52   
Далее
МАЛОЙ ГАИШНИК
00:35
Просмотров 383 тыс.