Тёмный

දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන සොයා තනිව යන ගමනක් | නාරංගමුව ගම්මානය | Part 01 | SOLO HIKER | 

Solo Hiker
Подписаться 153 тыс.
Просмотров 75 тыс.
50% 1

#Village #Srilankan_village #Village_life
අතීතයේ කඳුකරයේ විසූ ජනතාවගේ වාසස්ථාන භූමියක්ව පැවත පසුව ලෝක උරුමයක් බවට පත්වූ knuckles රක්ෂිත වනාන්තරය, මේ වන විට සංචාරක මිනිසුන්ගෙන් පමණක් මිනිස් පහසක් ලබන වනාන්තරයක් ලෙස හැඳින්විය හැක.
අතීතයේ මෙම කඳුකරයේ කඳු මුඳුන් වල පවා ජනාවාස තිබූ අතර, සාමාන්‍ය ගැමි ජන ජීවිතයක් ඔවුන් ගෙවා ඇත, නමුත් රක්ෂිතයෙන් ඉවත් කිරීමත් සමඟ ඔවුන් නගර කරා තම වාසභූමි මාරු කර අතර සමහරක් පමණක් අදටත් එම කඳුකරයේම කඳු පාමුළ වන්නට ජනාවාස ඉදිකර ජීවත් වේ.
මෙම ගම්මාන අදටත් නාගරීකරණයෙන් තොරව, ගැමි ජීවිතයෙන් පොහොසත් සුන්දර ගම්මාන ලෙස වනන්තර මායිමේ නිදහස් , සරළ දිවි පෙවතක් ගෙවයි,
ඔවුන්ගේ ජීවන රටාව , එම ගම්මාන වල ඉතිහාසය සහ ගොවිතැන , ආහාර පාන මෙන්ම ඇදහිළි හා විශ්වාස ඔවුන්ටම ආවේණික ගති ලක්ෂණ පෙන්වයි .
මෙවෙනි කඳුකරයේ සැඟවුණු ගම්මාන වල ජීවිතය සොයා තනිව යන ගමනේ මා පළමුවෙන්ම තෝරා ගත්තේ සුන්දර ලකේගලට මායිම් වූ ඉතිහාසයේ විශේෂ කතා සහිත නාරංගමුව ගම්මානයයි.
ගම්මානයට මා මුලින්ම පය තබන්නේ සුන්දර නාරංගමුව ලකේගල සොයා යන ගමනෙන්, පසුගිය සතියේ එම රූපරාමු ඔබ වෙත ගෙන ආ අතර, ලකේගල කඳු තුනෙන් දෙකක පහස මා නිදහසේ විඳි ආකාරය යම් තරමකින් හෝ ඔබට සමීප කිරීමට මා සමත් වූවා යැයි මා සිතමි.
මෙම ගම්මානය මා හට සුවිශේෂී වන්නේ එහි ගිය පළමු වරම මා අත්දුටු සුන්දර අත්දැකීම් අදටත් මා සිතේ ලැගුම්ගත් නිසාවෙනි.
නැවතත් නාරංගමුව ගම්මානය සොයා ගම්මානයට ඇතුල් වනවාත් සමඟම මා කන වැකුණේ පරණ ගුවන් විදුලියකින් ඇසුණු 80-90 දශකයේ ගීතයකි. එය දුරස් වනවත් සමඟම මා සුන්දර වෙළ් යායක් පසුකර මුතු අයියාගේ නිවසට ලඟාවිය.
සවස් යාමයේ මුතු අයියාගේ නවාතැන් පලේ සිට සොඳුරු කතාබහකට මුල පුරමින් සිටියදි එහි ලඟා වූ මහතුං මාමා නිසා එය තවත් සුන්දර විය, knuckles වනාන්තරය මැද්දේ තනිවම දිවි ගෙවන මහතුං මාමා ගැන විස්තරයක් පසුව ගෙන එන්නම් .
සුන්දර කතා බහකින් දවස නිමා කල නින්දට ගිය මා පසුදෑ උදෑසන අවදි වූයේ පසුදා අළුයම 5 ට පමණය. Alarm කිසිවක් නොමැතිව පාන්දර අවදි වීම පුදුම සහගතය, ඒ අන් කවරක් නිසා නොව කුරුල්ලන්ගේ නාදය නිසාවෙනි. වෙනදා අළුයම අවදි වන විට තිබෙන කම්මැලි කම අලස කම අද නැත, ඇත්තේ ජවයෙන් පිරි නැවුම් සිතකි. සොබාදහම අපූරුය, සිතේ නිදහසින් දවස ආරම්භ කල මා ගම්මානයේ වතගොත විමසීමට පුද්ගලයින් කිහිප දෙනෙක් තෝරාගත් අතර, එම කතාබහ රූප රාමු තුලින්ම ඔබට දැක බලාගැනීමට ඉඩහරිමින් මම නවතින්නම්.
කඳුකරයේ සොඳුරු ගම්මාන සොයා තනිව යන ගමනේ තවත් රසවත් කතා බහකින්,අළුත් දෙයකින් නැවතත් ලබන සතියේ හමුවෙමු 🙏💙🌿❤
""මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
සරැ පස පොළොවෙන් වැහි බිදු අහසින්
සරැ පස පොළොවෙන් වැහි බිදු අහසින්
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
සුර පුරයක් වෙන ලොවේ මෙවැනි නැත
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
එඩිතරකම ඇති කම්මැලිකම නැති
එඩිතරකම ඇති කම්මැලිකම නැති
ලමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
එඩිතරකම ඇති කම්මැලිකම නැති
එඩිතරකම ඇති කම්මැලිකම නැති
ලමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට""
උසස් තත්වයේ සරම් සහ වේස්ති මිළදී ගැනීම සඳහා පිවිසෙන්න -
Whatsap Catalog - wa.me/c/94750113221
Saram Bazaar facebook page - sarambazaarlk/
විමසීම් - -0750113221
#srilankan_village #villagelife #rural_village #explore_village

Опубликовано:

 

25 мар 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 317   
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
නැවතත් නාරංගමුව ගම්මානය සොයා ගම්මානයට ඇතුල් වනවාත් සමඟම මා කන වැකුණේ පරණ ගුවන් විදුලියකින් ඇසුණු 80-90 දශකයේ ගීතයකි. එය දුරස් වනවත් සමඟම මා සුන්දර වෙළ් යායක් පසුකර මුතු අයියාගේ නිවසට ලඟාවිය. සවස් යාමයේ මුතු අයියාගේ නවාතැන් පලේ සිට සොඳුරු කතාබහකට මුල පුරමින් සිටියදි එහි ලඟා වූ මහතුං මාමා නිසා එය තවත් සුන්දර විය, knuckles වනාන්තරය මැද්දේ තනිවම දිවි ගෙවන මහතුං මාමා ගැන විස්තරයක් පසුව ගෙන එන්නම් . සුන්දර කතා බහකින් දවස නිමා කල නින්දට ගිය මා පසුදෑ උදෑසන අවදි වූයේ පසුදා අළුයම 5 ට පමණය. Alarm කිසිවක් නොමැතිව පාන්දර අවදි වීම පුදුම සහගතය, ඒ අන් කවරක් නිසා නොව කුරුල්ලන්ගේ නාදය නිසාවෙනි. වෙනදා අළුයම අවදි වන විට තිබෙන කම්මැලි කම අලස කම අද නැත, ඇත්තේ ජවයෙන් පිරි නැවුම් සිතකි. සොබාදහම අපූරුය, සිතේ නිදහසින් දවස ආරම්භ කල මා ගම්මානයේ වතගොත විමසීමට පුද්ගලයින් කිහිප දෙනෙක් තෝරාගත් අතර, එම කතාබහ රූප රාමු තුලින්ම ඔබට දැක බලාගැනීමට ඉඩහරිමින් මම නවතින්නම්. Video එක ඊයේ දාන්න හිටියේ powercut එක නිසා ඉවර කරගන්න බැරි උනා අදත් වෙන ගෙදරකට ගිහින් තමා ඉවර කර ගත්තේ. Video එකේ අඩුපාඩු සහ ඔයාලගෙ අළුත් අදහස් උදහස් , තව එකතු වෙන්න ඕන දේවල් සහ දැනගන්න ඕන දේවල් වගේ ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා ඒ නිසා අදහස් වචන කරගෙනම යමු 💙❤🌿 කඳුකරයේ සොඳුරු ගම්මාන සොයා තනිව යන ගමනේ තවත් රසවත් කතා බහකින්,අළුත් දෙයකින් නැවතත් ලබන සතියේ හමුවෙමු 🙏💙🌿❤
@iswaragekusum9996
@iswaragekusum9996 2 года назад
Ithin vchanakrna be etharmma sundari puthage me video.ea mahathage p. Nmbar eka denna bohoma pin Jayaweva!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
@@iswaragekusum9996 0762701174 💙🌿❤
@kavinduheshan5662
@kavinduheshan5662 2 года назад
ජය 🌾❤️
@Englis7825
@Englis7825 2 года назад
❤️❤️❤️❤️❤️❤️❤️
@heeraw7676
@heeraw7676 2 года назад
ඔයා නියමෙට ප්‍රශ්න අහල විස්තර එලියට ගන්නවා සහෝදරයා.. සුපිරි ගමනක්.. ජය වේවා.. ආදරෙයි උඹට...
@narangamuwesaranathissa7198
@narangamuwesaranathissa7198 2 года назад
ආඩම්බරයි මගේ ගම ගැන. හීං බණ්ඩා මාමා කියන්නෙ මගෙ අප්පච්චී.. දිඝාසිරි ඔබට සහෝදරයා
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 года назад
@solohiker 🥺 aiya me comment eka dekke ndd?
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 года назад
Hin banda mamaga Nambara Danna puluwandaaa Apa hamuduruwanaa
@narangamuwesaranathissa7198
@narangamuwesaranathissa7198 2 года назад
Dennam
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 года назад
Apa hamuduruwana Nambara dannakoo hin banda mamaga
@Ravi-ic6ip
@Ravi-ic6ip Год назад
මට මේ පැත්තෙන් ඉඩමක් හොයලා දෙන්න පුළුවන් ද මම හරිම ආසයි නිදහස් ජීවිතයකට , මේ වගේ ගමක
@kavinduheshan5662
@kavinduheshan5662 2 года назад
මේ පින් බිමේ හැම තැනකම අඩියක් හෝ තිය මිස මැරෙන්නෙ නෑ.🌾 අද වෙනකම් අහපු මිහිරිම කට හඩ කින් කවි රසවින්දා ඒ අම්මට දීර්ගාආයුශ ලැබෙන්න ඕනෙ. අයියටත් ජය. කවදහරි දවසක කන්දක් මුදුනකදි හබ්බවෙමු....❤️🌾💧
@preyanthartpreyantha1309
@preyanthartpreyantha1309 2 года назад
anna math a paththa
@kanthiherath3620
@kanthiherath3620 2 года назад
ආදර ආත්තම්මේ ඔයාට නිදුක් නීරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි .🙏❤️🌹🌹
@daysinjapan
@daysinjapan 2 года назад
ජීවිතේ කොච්චර නිදහස්ද කියලා හිතුනා 🥺 අත්තම්මගෙ හිනාව කවි ටික 🥺♥️ කියන්න බැරි තරම් ලස්සනයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අම්මෝ ඔව් 🌿❤💙
@mazdafamili5386
@mazdafamili5386 2 года назад
මං හදවතින්ම පතන එකම ලෝකේ තමයි මේක....කව්දහරි මේ ලෝකේ මුළු ලංකාවටම ලැබෙන්න ඕනේ මෙතන තමයි ජිවිතේ තියෙන්නේ
@gayanprasanganaturecraft193
@gayanprasanganaturecraft193 2 года назад
මල්ලි, අලුත් වෙනසකට මුලපිරීම ගැන හදවතින්ම සතුටුවනවා.කිලිටි නොවුනු නොයිඳුල් සිංහල ජන ජීවිතය තවමත් මෙවැනි ගම්වල ඉතිරිවී තිබෙනව.මේ ගම් බිම්වල එදා සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර,ආහාර,කර්මාන්ත, ඇදහිලි විශ්වාස සමග අව්‍යාජ සුන්දර මිනිසුන් එක්ක ගෙවෙන මෙවන් කතා බහ නිසා අධ්‍යාපනික වටිනාකමක් වගේම වෙනස්ම හරවත් වින්දනයක් ලැබෙනව.පුංචි වැරැද්දක් නිවැරදි කරනවා..දිවි මකුළුවා උග්‍රවිෂ සත්වයෙන් නොවෙයි.සුළුවිෂ සතෙක්.රැල්ලට ට්‍රැවල් නොකර ඉදිරියටත් හරවත්ව සමාජයට හොඳ දෙයක් වගේම මෙහෙවරක් කරන්නට ඔබට හැකියාව තිබෙනවා මල්ලි.ඒපිළිබඳ නිහඬ සතුටක් මටත් තිබෙනවා..ඔබට ජය....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අදහස් සහ මගපෙන්වීමට බොහොම ස්තූතියි ගයාන් අයියා ❤💙🌿🙏
@shashith3832
@shashith3832 2 года назад
පට්ට නිදහස් ජීවිතයක් කොච්චර සුන්දර මිනිස්සුද දවසක් මේ වගෙ නිස්කලංක පරිසරයක ඉන්න තියනවා නම් ඊට වඩා දෙයක් නෑ. මාර ලස්සනක් ඒ පැත්ත මේ ලස්සන තවත් චිරාත් කාලයකට මේ විදියටම රෑකීතිබේවා 🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️ අනිවාරෙන් දවසක මේ තැන් ඔක්කෝගෙම යනවා එතකන් ඉවසිල්ලක් නෑ ❤️❤️🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
❤💙🌿
@shashith3832
@shashith3832 2 года назад
@@Ceylonsolohiker ❤️❤️
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f 2 года назад
සුන්දර ජීවිත .. ලස්සන ගමක් සරල ජීවිත සෝබාදහම අපූරුවට විදින මිනිස්සු ... ලංකාවෙන් පිට පදිංචි වෙලා හිටියාත් උපන් බිමට ආදරෙයි ... ❤️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
❤🌿💙🙏
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 2 года назад
ඒක හරි
@cricdose99
@cricdose99 2 года назад
යන්නේ නැතුව මැරෙන්නෙ නෑ😌🇱🇰ලොකෙ තියෙන ලස්සනම රට💞 පරිස්සමෙන් පලයන් අයියේ💞
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
මලයා 💙❤🌿
@malanipathirana8076
@malanipathirana8076 Год назад
අපේ සැබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගන්න " හරි මග උදෙසා " පෙරමුණ ගන්නයි මේ වෑයම... බුදුසරණයි දෙව් පිහිටයි වාසනාවන්!!!
@tektok6630
@tektok6630 2 года назад
ගමෙ මිනිස්සු එක්ක ඔපදුප කියවද්දි මාර සතුටුයි අප්පා 🥺🥰🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අම්මෝ ඔව්
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 года назад
දවසක අර පිංවත් ආතම්මා සමග සාකච්ඡාවක් කරන්න...එ ආතම්මා ඉතිහාසය වගේම බ්‍රහ්ම ලොකය ගැන කතා කරනවා... සමහර විට හිත බ්‍රහ්ම ලොකය කෙරෙහි පවත්වාගෙන යන වැඩ පිළිවෙලෙට හිත අනුගත වෙලා වෙනින් පුළුවන්...
@gkssepalika4917
@gkssepalika4917 21 день назад
ජිවිතේ ලස්සනම ලස්සන මොහොතවල් විදින්න හැමෝටම බෑ මල්ලි නම් පට්ටම වාසනාවන්තයි අපිත් ගියා වගේ හැගිමක් ❤❤
@tharushikeshari5227
@tharushikeshari5227 2 года назад
💚❤️ඒ කතාබහ අහන් ඉන්න හරි ආසයි.මිනිස්සුන්ගේ අව්‍යාජ බව,පරිසරයේ සුන්දරත්වය හරිම ලස්සනයි.කවාදාවත් විඳලා නැති ඔය සුන්දරත්වය විඳින්න හරිම ආසයි. ඇත්තටම හරිම පුදුමයි ඔය වගේ ගම්මාන තවමත් ඉතුරු වෙලා තියෙන එක ගැන. නගරයට සීමා වෙලා ගෙවෙන ජීවිත රාමුවෙන් එහාට අපිව ගෙනියනවට අයියට ගොඩක් ස්තූතියි,ඒ වගේම ගොඩක් පින්🙏 ඉස්සරහටත් මේ වගේ ලස්සන කතාබහක් බලාපොරොත්තු වෙනවා.අයියට බුදු සරණයි❤️💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
බුදුසරණයි නංගි ❤🌿💙
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 года назад
කිරිඅම්මාට බුදු සරණායි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️❤️😘😘😘❤️❤️😘😘😘❤️😘❤️❤️❤️😘❤️❤ ආදරෙයි ❤️❤️❤️❤️❤️ බුදු සරණායි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 года назад
මේ ගෙනවිත් තියෙන්නේ අපේ සුන්දර ගැමි පරිසරයන්.වචනයේ පරිසමාප්තියෙන්ම බොහොමත්ම පුළුල් වින්දනයන් ලබාදීමත්, සවිස්තරාත්මක විස්තරත් ඉතාම අගනෙයි....මේ ලක්දිවේ සුන්දරත්වයන් රැකගන්න අපි සැමටම විශාල වගකීමක් පැවරී තිබෙනවා .... ඔයාට පුතා තෙරුවන් සරණයි ...!!
@kadimai7717
@kadimai7717 2 года назад
කට්ටිය මේ චනල් එක ශෙයාකරලා සප් එකක් අරන් දෙමු කොල්ලට.. ට්‍රැවල් චනල් වලින් no 1වෙන්නම 💗
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
ස්තූතියි සහෝදරයා 🌿💙❤
@nathuliyanage7193
@nathuliyanage7193 2 года назад
අනේ බොහොම පිං මල්ලි ඔයාට බලන අපිත් ඇත්තටම ජිවත් වෙනවා ඒ විඩ්යෝ එක තුල .🙏 නිදුක් නීරෝගී දිර්ඝායු සම්පත්තිය ලැබේවා ඒ ගම්වල ජිවත් වෙන අත්තම්මාටත් අනිකුත් සියලුම දෙනාට තුණුරුවන්ගෙ සරණයි 🙏❤️
@chamaraperera935
@chamaraperera935 2 года назад
ගමේ සුන්දරත්වය ලස්සනට හිතට දැනෙන විදියට ස්වභාවික ශබ්ද වෙනසක් නැතුව අපි දැනෙන්න දුන්නා.කියන්න වචන නැහැ ඒ තරම් ලස්සනයි.ආච්චිගේ කවි ටිකට ආස හිතුනා.ගමේ මිනිස්සුන්ගේ හිත් හොඳයි ඕනිම කෙනෙක්ට හිතේ කහටක් නැතුව උදව් කරනවා.ඒ මනුස්සකමට හිස නමා ආචාර කරනවා.අපිත් ගමේ ඉදන් සුන්දරත්වය වින්දා වගේ.🌍❤💚😍💪🧗
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අනිවාර්යයෙන්ම 🌿💙❤
@kalyanirohini1738
@kalyanirohini1738 2 года назад
ඔබට බොහොම ස්තුතියි මෙවැනි සැගවුන ලස්සන ගම්වල අසිරිය අපට විදගන්න සැලැස්වීම ගැන....
@bendohapuarachchi6845
@bendohapuarachchi6845 Год назад
මේ ගම ගමේ මිනිස්සු දැක්කාම හිතට මහ අමුත්තක් දැනෙනවා හරි ගුප්ත ආත්මීය බැදීමක් වගේ ඒ හැගීම විස්තරකරන්න තේරෙන්නෑ😥😥😥😥
@sudeepakolamba1763
@sudeepakolamba1763 2 года назад
මේවා වාසනාවන්ත ජිවිත. කැකෝ ගැසිම්, මහා ලොකු ශබ්ධ, කැසට් නැහැ, කළහ කිරීම් නැහැ, අපි විදවනවා ජිවිතේ.
@sandunianupama8256
@sandunianupama8256 2 года назад
අලුත් වැඩක්...නියමයි අයියේ ජය 💙❤️🌿 ( ආත්මාර්ථය හිත් කොනකවත් නැති මිනිස්සු..හැම කෙනෙක්ම හරි සුහදව හැම දේම කියා දෙනවා නිහතමානී මිනිස්සු 🥺 )
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අනිවාර්යයෙන්ම 💙🌿❤
@shehan8904
@shehan8904 2 года назад
🌳සුන්දර පරිසර හා බැදුනු අපූර්ව ජීවිත 💫🏔🌎🍃⭐️
@thilinaagasthiwickramarath7162
@thilinaagasthiwickramarath7162 2 года назад
ගම්මු එකක් කතා බහ හරි සුන්දරයි .👌😍
@sachinihimasha6632
@sachinihimasha6632 2 года назад
නිදහස් පරිසරයක්. ලංකාවේ මේ වගේ සැගවුනු ලස්සන ගම්මාන තවමත් තියෙනවා කියලා දකිනකොට හරි ම සතුටුයි. මේ වගේ වීඩියෝ වල ලංකාවේ පහසුවෙන් දකින්න බැරි ගොඩක් තැන්, ඒ වගේම වටිනා තොරතුරු විස්තර ගොඩක් එකතු කරගන්න ගොඩක් වැදගත්. දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. Solo hiker 🍀💚❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
බොහොම ස්තූතියි 🌿❤💙
@MathakaCinematic
@MathakaCinematic 2 года назад
අනේ මේ වගේ දේවල් දක්නට ලැබීමත් වාසනාවක්.🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
🌿💙❤
@chathurinisansala4364
@chathurinisansala4364 2 года назад
දුෂ්කරතා තිබ්බත් ගම් හරි ලස්සනයි ගොවිතැන් කරන අහිංසක මිනිස්සු..අපේකම රැකෙන්න මේ වගේ ගම් හැංගිලා තියන එකමයි හොද.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා අයියේ..හරිම ලස්සනයි ඒ වගේම වැදගත් මේ වීඩියෝ එකනම්..රෑස්සෙත් යමු අයියේ විස්තර කියද්දි බලන්න ආස හිතුනා🤗ඒ වගේම ඔයාගෙ පොතත් ඉක්මනට ලියන්න පුළුවන් වෙන්න ඕනි..බුදුසරණයි අයියේ💚🌿🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි 💙❤🌿
@malanieindra123
@malanieindra123 2 года назад
හරි ම නිස්කලංක පරිසරයක් ආසයි ජීවත් වෙන්න තෙරුවන් සරණයි
@siyadoris8654
@siyadoris8654 2 года назад
ලස්සනයි ගොඩක් බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Englis7825
@Englis7825 2 года назад
ඇත්තෙන්ම සතුටුයි ගමන සුබයි නැකත හොඳයි යමු ඉදිරියටා❤️❤️❤️❤️❤️❤️
@knik992
@knik992 2 года назад
කොයිතරම් නිදහස් පරිසරයක්ද ...සුන්දර ගමක් සුන්දර මිනිසුන් පිරිසක් එක්ක ...
@hashankavinda5975
@hashankavinda5975 2 года назад
ලස්සන video එකක් ජය වේවා 👊👊👊
@sreemathilka9633
@sreemathilka9633 2 года назад
හරිම ලස්සනයි පුතා අපේ රටේ තාම සුන්දර ගම්මාන තියනවා හැමෝටම දළදා හිමි සරණයි 🙏🙏🙏🙏
@rashinidasanayaka7249
@rashinidasanayaka7249 2 года назад
සුන්දර ජීවිතත් එක්ක ගනුදෙනු කරන සුන්දර මනුස්සයෙක්...ස්තුතියි අයියා♥️♥️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
ස්තූතියි නංගි 🌿💙❤
@yasithlakshan134
@yasithlakshan134 2 года назад
සුපිරි වැඩක් අයියේ,,❤️❤️❤️
@megadikovita3169
@megadikovita3169 2 года назад
ඔයාගේ වැයම ගොඩක් සාර්ථකයි ♥️. මාත් ගොඩක් ආසයි මේ වගේ තැන් වල ඇවිදින්න. දැන් විදෙස් ගතව හිටියත් . කවදාහෝ මුළු රටේම ඇවිදින්නවා ❤
@gihanwijenayaka1773
@gihanwijenayaka1773 2 года назад
වටින video එකක් අයියේ ❤
@efacjeewan
@efacjeewan Год назад
ඉතාම සුන්දර ගම්මානයක්. ඔයා හොඳට කරනවා. 😍පුළුවන් නම් ගමේ අයගේ ජීවන රටාව, ආහාර, ජන විශ්වාස, ජනකතා, බෙහෙත් හේත් ආදිය ගැන වීඩියෝ මාලාවක් කරන්න.
@dilkimadushika2547
@dilkimadushika2547 2 года назад
සතුටුයි . හරිම ලස්සනයි.👍👍👍👍
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 года назад
ලස්සන වෙනසක් එක්ක...ගමත් එක්ක බැදුනු ඒ ජීව්තේ සුන්දරයි කියන්න තව උදාහරණ කුමටද....පොතක් ලියමු සහෝදරයා .❤😍
@bhagyasampath8670
@bhagyasampath8670 2 года назад
ලස්සන ගමනාන්තයක් ♥️❤️
@cilyrd5770
@cilyrd5770 Год назад
හරිම ලස්සන සතුන් ෙග් නාද හැම පැත් ෙතන්ම අැ ෙසන ලස්සන ගමිමානයක් හරිම ලස්සනයි ෙතරුවන් සරණයි
@vinodsandeep7178
@vinodsandeep7178 2 года назад
ආදරෙයී උබට. ඇවිදපන් තව. අපිවත් එක්කරගන..😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
ආදරෙයි 💙❤🌿
@aruns90
@aruns90 2 года назад
කොහොමද මගේ හැගීම් විස්තර කරන්නේ. ඇත්තමයි no words.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
💙❤🌿
@bjs1984
@bjs1984 2 года назад
අනේ කොච්චර සුන්දර ද. මේ ජීවිත.
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 года назад
අලුත් වෙනස්, ලස්සන වැඩක්.👌😍❤️ කොච්චර දුශ්කර වුනත් ගැමි ජීවිත හරිම සරලයි, නිදහස්, සුන්දරයි වගේම ලෙන්ගතුයි..💕 වටපිටාවෙන් ඇහුනෙම කුරුල්ලනගෙ, ඇල, දොල වල සද්දේ..🌿💚💙 කවි කිව්ව අත්තම්මා❤️ දීර්ඝායුශ පතනවා..🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අනිවාර්යයෙන්ම 🌿💙❤
@rajithcwijenayaka9525
@rajithcwijenayaka9525 2 года назад
සුන්දර තවත් එක් ගම්පියසක් 💙🙏
@dinushadinusha1482
@dinushadinusha1482 2 года назад
ඔන්න මාත් සබ් කලා..ජය වේවා මල්ලි..යෝ.ඉදිරියට ම යන්
@vikumsithara6612
@vikumsithara6612 2 года назад
💫🌎💦සුපිරි ayye
@geenadgajasinghe411
@geenadgajasinghe411 2 года назад
සරල ජිවිතය මොනතරම් සුන්දරද ජය වෙිවා අයියෙ 👍👍👍😎😎😎
@sanjeewakumarasinghe21
@sanjeewakumarasinghe21 2 года назад
අදහසක් විදියට මම යෝජනා කරනවා මේ උදවිය සම්බන්ධ කරගැනීම සදහා ඔවුනගේ දුරකතන අංකය හෝ ලිපිනයක් සදහන් කිරීම වැදගත් වේවි කියල ......... ජයවේවා
@vihangathineth6348
@vihangathineth6348 2 года назад
ලස්සනයි ගොඩක්
@travelwithchabiya
@travelwithchabiya 2 года назад
පරිස්සමෙන් කොල්ලෝ ජය නියතයි.👣❤
@randimaruvinara6959
@randimaruvinara6959 Год назад
ලස්සනයි කවිකාරි..බුදු සරනයි .❤❤❤❤❤
@pasinduvimantha6253
@pasinduvimantha6253 2 года назад
සුන්දර ගමක් නිදහස උපරිමයෙන් තියෙනවා 💚💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අනිවාර්යයෙන්ම 💙❤🌿
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 2 года назад
ඔබගේ වීඩියෝව ඉතාම වැදගත් මානව විද්‍යාත්මක ගවේශනයක්. ස්තුතියි!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
💙❤🌿🙏
@vinodsandeep7178
@vinodsandeep7178 2 года назад
ස්තුති දොස්‍තර මහත්තයා බෙහෙත් දුන්නට🥰....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
ආසම Comment එකක් 💙🌿❤
@malanipathirana8076
@malanipathirana8076 Год назад
Well documented excellent episode by an intelligent solo hiker who has been provoked the beauty and the true picture of our Motherland. Thanks a lot and all the best son. We are proud of you.. .
@TPBWEERASEKARA
@TPBWEERASEKARA 2 года назад
ඇත්තටම හොඳයි.ඔබට හැකිනම් සොයා බලා ඉතිහාස පර්‍යේෂණයක් කළ හැකි නම් අගනේ ය.
@sakkaralanka383
@sakkaralanka383 Год назад
Don’t give up brother…. Keep going Good luck
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 2 года назад
ගොඩක් ලස්සන යි
@s.l.t.b8083
@s.l.t.b8083 2 года назад
නිදහස් පරිසරයක ලස්සන ගමක් ලස්සන යි අයියෙ බුදු සරණයි ජය වෙිවා අයියෙ ❤️❤️😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
බුදුසරණයි මලයා ❤🌿💙
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 года назад
සරල ජිවිතය මොනතරම් සුන්දරද සිතට වගේම ගතටත් .තෙරැවන් සරණයි මල්ලි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
තෙරුවන් සරණයි අයියේ ❤🌿💙
@tharuneet
@tharuneet 2 года назад
This is just beautiful! Thank you so much for sharing your experience with us! ❤
@tektok6630
@tektok6630 2 года назад
බොන්චි වැල් නම් සුපිරි අප්පා 👍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
🌿💙❤
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 года назад
Me game ithuru tika thiyeda. Ehemanam api eka enakal balan inne jaya wewa saho obata . Theruwan saranai . Thawa me wage Lassana video ekakin hambemu. ❤️‍🔥❤️❤️
@pramodkariyapperuma2694
@pramodkariyapperuma2694 2 года назад
සුබ පතනවා සහෝදරයාගේ වැඩේට ...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
බොහොම ස්තූතියි සහෝදරයා
@thaveeakalka9001
@thaveeakalka9001 2 года назад
Supiri ayye oyage wada nam🇱🇰❤️
@rajithadesilva1407
@rajithadesilva1407 Год назад
තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dream2ceylon
@dream2ceylon 2 года назад
Very beautiful video bro it's amazing and thank you sharing with us simple life village .
@lplofficialslcricketsampat2984
@lplofficialslcricketsampat2984 2 года назад
ayye godak godak pin me lassana pennanavata jaya veva
@aroundsrilanka
@aroundsrilanka 2 года назад
නියමයි යාළුවා... 💕❤️👍👌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
ස්තූතියි යාළුවා 💙❤🌿
@sanitasanita7662
@sanitasanita7662 Год назад
නොදැකපු දේවල් දකින්න ලැබුනට ඉස්තුතියි ඹයට
@haroonnafeel7517
@haroonnafeel7517 2 года назад
සිතා දේවී ය ට. බෙහෙත්. උර ගැ ගල. ගරඩු ගල වලපනේ. රුපාහ් එන්න බලන්න
@tharindu5961
@tharindu5961 2 года назад
මරැ අයියා😍,,
@iswaragekusum9996
@iswaragekusum9996 2 года назад
Athami kiynna be me video eka marma sthutak. Wasanawan puth mubata magak athe. Jayaweva!
@TravelSaki
@TravelSaki 2 года назад
woow ayye.. superb vlog❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
Thank u nngi ❤🌿💙
@user-on2tc5og2d
@user-on2tc5og2d 2 года назад
Harima lassana gama sundarai a gedara koitharam nidahas. Niskalankada
@abdulab3295
@abdulab3295 2 года назад
Harima lassanai harimavatinava kuwet
@kanishkasathyajith8845
@kanishkasathyajith8845 2 года назад
සුපිරි ❤️
@R1R1R511
@R1R1R511 2 года назад
Mageth lokuma heenayak thama dumbara kandukaraye sama gamakatama kana eka. Thanks aiya👍👍
@dasunmax5238
@dasunmax5238 Год назад
ජීවිතේ WIDINA supiri charithayak ane oya
@indiadventure3885
@indiadventure3885 2 года назад
සුපිරි brother ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
ස්තූතියි සහෝදරයා ❤🌿💙
@parindyakavindi3330
@parindyakavindi3330 2 года назад
අනේ මරු අයියා අන්න විදින්න ඕන ජීවිතේ දවසකට හරි. ඒ තියන සතුට සැනසීම ආයේ වචන නෑ .
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අනිවාර්යයෙන්ම නංගි
@janthuwa5837
@janthuwa5837 Год назад
niyamai lassana video ekak
@thanujaweeraratne3574
@thanujaweeraratne3574 2 года назад
Supiri 👍🔥
@sanjuboy2083
@sanjuboy2083 2 года назад
අත්තම්මාගේ කවිය 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
❤🌿💙
@dasunshavinda4212
@dasunshavinda4212 2 года назад
මගෙන් අද සුද්දෙක් ලංකාව ගැන විස්තර ඇහුවා , මම පෙන්නුවෙ ඔයාගෙ channel එක, පොරට සිංහල බැරි උනාට පොර ඒ වීඩියෝ ගොඩක් ආසාවෙන් බැලුවා, අයියා ඔයාට අද ඉදන් ජර්මනියෙන් තවත් එක view එකක් වැඩිවෙයි, keep it up your great work good luck ✌️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
අඩේ සතුටුයි මලයා, english Sub දාන්නම් ඉස්සරහට
@dasunshavinda4212
@dasunshavinda4212 2 года назад
@@Ceylonsolohiker පොරට ලංකාවට එන්න ඕන කිව්වා, අයියට මන් msnger වලින් message එකක් දැම්මා චුට්ටක් බලන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
@@dasunshavinda4212 page එකටද ?
@dasunshavinda4212
@dasunshavinda4212 2 года назад
@@Ceylonsolohiker ow aiya
@koshilamadurangani236
@koshilamadurangani236 2 года назад
Oyata pin malli.
@vimalkapri5093
@vimalkapri5093 Год назад
Jaya wewa puthe
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 года назад
Lassana gamak dakke na lassana tan
@tharushadilantha9217
@tharushadilantha9217 2 года назад
සුන්දරත්වය 😍💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
💙❤🌿
@chamindasampath1854
@chamindasampath1854 2 года назад
I like this video
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 года назад
ලස්සනයි
@chamilakumari2216
@chamilakumari2216 Год назад
Lassana gammanayak oyatabudusaranai
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 года назад
බුදු සරණයි ආච්චි
@ganganathjayavinda6025
@ganganathjayavinda6025 2 года назад
සුපිරි ❤🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
💙❤🌿
@sachininiwanthika3738
@sachininiwanthika3738 2 года назад
අම්මෝ මරු අයියා..🥺❤️💙🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 года назад
ස්තූතියි නංගි ❤🌿💙
Далее
Strawberry Cat?! 🙀 #cat #cute #catlover
00:42
Просмотров 2,5 млн