Тёмный

මහා වන මැද තනි වූ බුදු පිළිම සොයා | Budupatuna |  

Sanchaarakaya
Подписаться 9 тыс.
Просмотров 29 тыс.
50% 1

#budupatuna #sanchaarakaya #srilanka
මින් පෙර ඇවිද ගිය, තනි වූ ගෙපැල් ඇති අත්හල ගම්බිම්, හිස් මුදුනටත් වඩා උස් වූ ගල් බිත්ති මතින් ඇදී ඇල වේලි, ඒ හා ගෙතී ආ පුරාවෘත, යටගියාවන් සොයා යාමේ මා සිතේ වූ අශාව දිනෙන් දින පෝශණය කරන්නට විය. කෙතරම් අසීරු මගක වුවත් පුරාවෘතයක ඉවක් ලදොත් එය හඹායාමට තරම් ඒ ආශාව මෝරා වැඩී ඇත.
පෙර ව්‍යායාමයන්ට වඩා හාත්පස වෙනස් පුරාවෘත්තයක් මෙවර මාගේ දෑසට සම්මුඛ වී ඇත. එය නමින් බුදු පටුනයි. තොරතුරක් සොයා ගැන්ම කෙතරම් අපහසු වී ද යත් පිහිටි ඉමක් දැනගැන්මට පවා මා හට හය මසක් ගතවිය. අසලම වූ ගම් පියසක හිසකේ පැසුනෙකුගෙන් වුවද බුදු පටුනට යා හැකි මගක් විමසුවහොත් ඔහුගේ මුව විමතියෙන් විවර වෙයි. එවැනි කතාබහක් බොහෝ විට අවසන් වූයේ බුදු පටුනේ මා දන්නා පුරාවෘතය ඔහු වෙත ගෙන හැර පෑමකිනි.
කෙසේ හෝ අවසන පියවරෙන් පියවර මං පෙතේ විස්තර, බුදු පටුන මින් පෙර දැක තිබූ දුෂ්‍යන්ත අයියාගෙන් ලබාගැනීමට හැකිවිණි. ගුරුමුෂ්ටියක් නොමැතිවම සියල්ලම ලබා දුන් ඔහු, ඔහුට ද මග පෙන්වූ ගුරුතුමා අපට ද අඬගසා දෙන්නට තරම කාරුණික විය. ඔහුත් සමග මමත් ගමන් සගයාත් බුදු පටුන වැඳ පුදා ගැනීමට දින නියම කර ගත්තෙමු.
"මහත්තුරු අද හෙටම ගමන යොදා ගත්ත එක හොඳා, ඊයේ හැන්දෑවෙත් වැහි කෝඩයක් ගියා. මේ පෝය පැන්නා කියන්න‌ෙ වැහි කෝඩේ, ආයේ ඉතින් ඔයට බහිනවා බොරු." රාත්‍රි බසයෙන් පිටත් වූ අපව අලුයමින් මුණගැසුණ ගුරුතුමා පිළිගත්තේ එලෙසයි. අප එනතෙක් අසළින් වූ පොල් අතු හෙවිල්ලූ කඩපිලේ මුල්ලක වූ කුඩා බංකුවක අසුන් ගෙන සිටි තරුණ වියේ වූ ප්‍රියමනාප පුද්ගලයෙක් විය.
"අද යන්න බාධාවක් නෑනේ" නිදි ගැට කඩමින් මා හනික විමසුවේ දෛවය සරදම් කරාවිදෝ හැකයෙනි.
" අපෝ... එක වැස්සකට ඇහැකියැ විල ඔය පුරවන්න. ඒකට මෝසම මේ අහ එන්නම ඕන " ඒ ගුරුතුමා. මෙතැන් සිට ඔහු නමින් ජනිත්. කුඩා දෙවටක් ඔස්සේ පැමිණි අප ජනිත්ගේ ගෙපැලට සේන්දු වන්නට විය. අරුණළු වැටෙනතෙක් හාන්සි වන්නට අවැසි කලමනා ඔහුගේ මව ඒවන විටත් සූදානම් කර තිබුණි.
නිදි ගැට කඩා විහිරුවාලූ හිරැ ගම්පියස එකලු කරන්නට ලකලැහැස්ති වන්නට විය. ඉන් අපගේ යාත්‍රාවත් රත් පැහැයෙන් දිලිසිණි. වනගත මාර්ගයක් වූයෙන් එහි ගමනාගමනයට ට්‍රැක්ටරය තරම තවත් රථයක් නොවිණි. "අපි පිටත් වෙමු ද" මාගේ යෝජනාවට එකඟ වූ සියල්ලෝ රථයට ගොඩවිය.
අපගේ පළමු වෑයම හිස්ව තිබූ බූලි දෙකකුත් වතුර බෝතල අටකුත් පුරවා ගැනීමයි. එක් අයෙකුට දෙක බැගින් වතුර බෝතල බෙදී යයි. මන්ද යත් විල ඔය තිබූ තැනැකුද සොයා ගත නොහැකි ලෙස සියළු වතුර පානම බලා ගොස් අවසන්ය. තවත් සැතපුම් දෙකක් හේන් මැදින් ගමන්ගත් අපට වනාන්තරයේ මුවදොර සම්මුඛ විය.
කුරුළු තුඩක මිහිරියාවත්, වලසකුගේ කොටියෙකුගේ නිය පහරක භීතිකාවත් හරි හරියට මුසු වෙච්ච මහා වනය, සිහිල් සුලඟකින් අපව පිළිගත්තේ නුඹලාට අසානාසියක් නැහැ කියාන්නාක් මෙනි. මහා ගස් එකින් එක පසු කරමින් තවත් ඉදිරියට ඇදුණු අප සිහිල් ගොම්මනක රථය නවත්වා කුස පුරවා ගන්නට වූයේ ඒවන විටත් අටේ කනිසම පසුකොට සිටි නිසායි. ඒ අතර විහඟුන් හරි හරියට ගැයූ ගීයෙන් අපගේ උදෑසන සප්පායම සාදයක ජවනිකාවක් බඳු විය.
එතැන් පටන් එළඹි හෝරාව සුවපහසු නොවුණේ අපගේ ඉතීරි ගමන්මග වැටී තිබුණේ කටු පඳුරු බහුල ඉමක වීමෙනි. ටේලරයේ දිගා වුවත් අතරින් පතර වූ කටු ගස් මා හට ඉත්තෑවන්ගේ ආදරයේ අත්දැකීම ගුරු මුෂ්ටියක් නැතිවම ලබා දෙන්නට විය. ඇතැම් කටු ගස් අපගේ හිස්වැසුම් පවා සොරා ගන්නට විය. කෙතරම් කටුක ගමනක් වූවත් එය බොහෝ සෙයින් විනෝදජනක අත්දැකීමක් විය.
මෙතැන් පටන් ආරම්භ වන්නේ පා ගමනින් ගමන් කල යුතු වූ කොටසයි. ආරාධනා කරනවා එන්න යන්න මාත් එක්ක බුදු පටුන වැඳපුදා ගන්න යන්න.

Опубликовано:

 

18 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 343   
@manorisilva8984
@manorisilva8984 5 дней назад
නොදුටුව දසුන් නෙත් මානෙට ගෙන එනා වන පෙත මැදින් දුෂ්කර ගමන් කරමිනා සංචාරය කරයි මුලු රට සොයමින් ඉතා තෙරුවන් සරණ පතනෙමි සොයුර සැමදිනා 🌿🌿🌿🍀🍀🍀🙏
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️🙏🌿
@Shamali-f9m
@Shamali-f9m 3 дня назад
Bohoma pin
@UdayanganiKumari-ps7lw
@UdayanganiKumari-ps7lw 2 дня назад
ඉදල් කුර ගස් ලස්සන ගසක් වටිනා ශාකයක්
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 2 дня назад
ස්භාධර්මයට අතවත් නොතියපු ඔබතුමාලාගේ රාජකාරිය හරියටම ඉටුකරපු ඔබසැමට සුවපත් වේවා🙏
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
බොහොම ස්තූතියි ♥️🙏
@malindumihiran249
@malindumihiran249 2 дня назад
මේ අය්ය හරිම සංයමෙන් විස්තර කලේ...ආස හිතුනා..❤
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
බොහොම ස්තූතියි ♥️🤜
@SgSg-r7z
@SgSg-r7z 4 дня назад
❤❤❤❤❤❤ හරිම ලස්සනයි කථා කරන ව්ලාසය, මග පේන්නපු සහෝදරයන් දේදනාටත් ස්තුතියි
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බොහොම ස්තූතියි ♥️
@kanthigodage5348
@kanthigodage5348 4 дня назад
බුදු පටුන දැකල හරිම දුක හිතුන අපේ ඉතිහාසයට ගිය කලක්
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
ඇත්ත 😔
@GampahaMirigama-p5l
@GampahaMirigama-p5l День назад
කොරකහ පඳුරක නිල්පාට මල් සුවඳයි අපිත් ගමන ගියා හිතෙන් ලස්සනයි තෙරුවන් සරණයි සියල්ල විපරිණාමයට පත්වෙනවා එය උපේක්ෂාවෙන් විඳ දරාගැනීමයි වැදගත්
@sanchaarakaya
@sanchaarakaya День назад
බොහොම ස්තූතියි ♥️🙏
@rasojameenu1798
@rasojameenu1798 3 дня назад
ඇත්තටම නොදන්නා දේ ගොඩාක් දැක්කා .පින්..බස හැසිරවීම අනර්ඝ යි...නිවිලා...❤ දුර යන්න සුබ ප්‍රාර්ථනා !
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
බොහොම ස්තූතියි ♥️🙏
@AnuraKumara-bu1ip
@AnuraKumara-bu1ip 4 дня назад
හරිම දුකයි අපේ හෙළ ඉතිහාසය විනාශ වෙන එක ගැන
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
ඔව් 😔
@kumirkumir3510
@kumirkumir3510 5 дней назад
සාදු සාදු සාදුමාගේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
♥️🙏
@nimalseneviratne530
@nimalseneviratne530 4 дня назад
තෙරුවන් සරනයි පුතා
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
තෙරුවන් සරණයි ♥️🙏
@deepikanilangani7837
@deepikanilangani7837 4 дня назад
අනිවාරයෙන් එකල පුතානෝගෙ පියානෝ වගකියන්න ඇති😢😢😢
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
🙁
@kamaniperera6718
@kamaniperera6718 4 дня назад
ලංකාවේ ගොඩක් නිධන් වලට වගකියන්න ඕනේ එයාලා තමයි 😢. ලස්සන වීඩියෝ එකක්. ස්තූතියි හැමෝටම. තෙරුවන් සරණයි!
@user-hf5gm7ee1t
@user-hf5gm7ee1t 3 дня назад
garment tikawath nathnam ada higakanawa ekath mathaka thiyaganna
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 2 дня назад
🎉🎉🎉🎉🎉🎉 Watina Nirbeetha gamanak!🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
බොහොම ස්තූතියි ♥️🙏
@kudumagsmage2502
@kudumagsmage2502 16 часов назад
සාදු සාදු සාදු පරිස්සමෙන් තෙරැවන් සරනයි
@sanchaarakaya
@sanchaarakaya 16 часов назад
තෙරුවන් සරණයි 🙏♥️
@monikajayasinghe466
@monikajayasinghe466 2 дня назад
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි, ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගොඩාක් වටිනවා video එක. අපේ හෙළ බිමේ ඓතිහාසික වටිනා ඉතිහාසය පිළිබඳ තොරතුරු රැගෙන එන ඔබ සැමට තුති වේවා. ගොඩාක් duskara ගමනක්. නිධානයක් උඩ හිඟා කන ජාතියක් ලෙස අපේ හෙළ බිම පත් wema ගැන බොහෝ සේ කනගාටු වෙනවා......!!!!!
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
බොහොමත්ම ස්තූතියි ♥️ ඔබටත් එසේම වේවා ප්‍රාර්ථනය කරනවා. 🙏😌
@ChutiManike-du5gi
@ChutiManike-du5gi 5 дней назад
තථාගතයන් වහන්සෙට වදිනකොට හිස් ආවරණය ඉවත් කරන්න . 🙏🙏🙏 බොහොම වටිනා ඉදිරිපත් කිරිමක්
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
අවවාදයට බොහොම ස්තූතියි ♥️🙏
@UaSunil-pr1lz
@UaSunil-pr1lz 4 дня назад
වටිනවා සහෝදරයා.අපේරටේ උරුමයන් අපිට පේන්නා දිම ගැන. මම කිතුනුවෙක් . කවදද විනිසු අපේ රටේ දේවල් අගයකරන්නෙ හරිම කණගටුයි! ඔබට තුති.🌷🌷🌷
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
@UaSunil-pr1lz බොහොම ස්තූතියි ♥️🙏
@kumuduperera1676
@kumuduperera1676 5 дней назад
ඇස් පිං කරලා තිබුනා ෙමවා දකින්න.ඔබ තුමාලාට පිං ඔය ෙසායා යැමට.තව තවත් දකින්නට ලැෙබවා.ෙසායා යාමට ශක්තිය ලැෙබවා.🙏
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොමත්ම ස්තූතියි ♥️🙏
@ravindralal3920
@ravindralal3920 3 дня назад
🎉🎉ලංකාවේ නිර්මල බුදුදහම අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ගේ දීපය ලංකාදීපය දඹදිව , හෙළ දීපය , ඔජදීපය ,. වරදීපය .,මණ්ඩදීපය , ටොලමිගේ තප්‍ර්බේන් සිතියම , අනුව තිබූ ලංකාව විනාශ වී.මහ මුහුදට යටවී අද ඉතුරු වෙලා තියෙන බූමි ප්‍රමාණය ගැන නොදන්නා තේරුම් ගන්ඩ බැරි ,සෙල්ලිපි කියවීමට කොහෙත්ම නොදන්නා, ඉන්දියාවේ , නේපාලයේ බුදුන් කියන , ත්‍රෛනිකායේ ජෛන ආගම අදහන අමනයෝ ,උන්මන්තක ච්වරය දාගත් දීපය නොදන්නා පජාතිකයො බික්සුන් වෙනවද .,?.සුද්දෝ විනාශ කරපු අපේ රටේ ඉතිහාසය කියවන ,උතුම් බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කන විනාශ කරන හොරුන් ආරක්ෂා කරන , පර සුද්දන් ගේ වහල් නීතිය අනුව.දැඩි රක්ෂිත කර බුද්ධ බූමි ජනතාවට ,සමස්ථ ලෝකයාටම නිරුවත පෙන්නලා ඔප්පු කරන පුරාවිද්‍යා විකුර්ති නිලධාරින් නිලධාරිනියන් , ජනතා බදු මුදල් වලින් පෝෂණය කරීමට රජයක් මේ රටට මොකටද ,? මේ තාක්කල් පාර්ලිමේන්තුවේ සිටිය සහ සිටින 225 දෙනා සහ ජනාධිපති වරුන් ,මොනවද රට ජාතිය බෞද්ධ සාසනය ආරක්ෂා කිරීමට කළේ . අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා සහ බුදු දහම ආරක්ෂා කිරීමට නොහැකි අය ,ආනන්තරිය පාපකර්මය උරුම කර සිටින චීවරදාරින් සම්බුද්ධ දහම සහ සාසනය විනාශ කරපු උදවිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ ඇයි ...?පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් නිලධාරිනියන් , සම්බුද්ධ සාසනය කොහෙද ආරක්ෂා කෙරුවේ .. දිබුලගල රිටිගල මිහින්තලේ කන්දේ සිතුල්පව්ව තෙල්දෙණිය බබරගල තුසිත දෙව් ලොව ඉසින්බැස්සගල ඉසිපතන මිගදාය ඉසිගිලි පර්වතය ගිජ්ජකූට පර්වතය මේ සේරම තියෙන්නේ ලංකාවේ මිස ඉන්දියාවේ නේපාලයේ නොවේ ..මේ කම්බා හොරුන් හෙරියන් නොවේද 😊අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කන්නේ .???😢හෙළ රජවරුන් ගැන නොදන්නා පජාතිකයො ,පුරාවිද්‍යා තනතුරු දරාගෙන සිටීම ,. අන්නිය ආගමිකයෝ බෞද්ධ ජනතාව මුලා කිරීමට පොත්පත් ලියලා පලකිරීම , දවසේ පැය 24 ම බණ කියලා ,අමූලික පට්ටපල් බොරු කියන උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරපු උදවිය නොවේද ? අපේ රටට මොකටද ඉන්දියාවේ නේපාලයේ ජෛන මහවීර මුණි සාමි පරම්පරාවෙ ආගම ,. ?,❤අපේ රටේ නිරුවත් බුදු රජාණ්න් වහන්සේ නැහැ .. ඇස් නොපෙනෙන කපුටෝ ඉන්දියාවේ නේපාලයේ ගිහින් නිරුවත් ජෛන මුණි සාමිලා වදින , නිගන්ට කාමාතුර කම්බා හොරුන් , හෙරියන් නොවේද .??? අපේ රටේ නිර්මල බුදුදහම ආරක්ෂා කිරීමට ච්වරය දරාගෙන සිටින ජෛන සාමිලා පන්සල් වලින් පන්නලා දැමිය යුතු නොවේද ? බුදු දහම ආරක්ෂා කිරීමට නොහැකි අය දේසපාලනය කීරීමට කොහෙත්ම සුදුස්සෝ නොවේ ..අපේ රටේ රජ 😅
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
බොහොම ස්තූතියි ♥️🙏
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 3 дня назад
ඔබටගෟරව කරමි අදහස් දැක්වුවට❤❤❤
@kapiladias9178
@kapiladias9178 5 дней назад
නිවන් මඟ සැමටම වහ වහා අවබෝධ වේවා!!!❤❤❤❤❤🙏🙏🙏🙏
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
♥️🙏
@lidacall1311
@lidacall1311 4 дня назад
හරිම ලස්සනයි මම ගොඩාක් සතුටක් ලෙබුව මම ලෙබනන් සිට ඔබට ජයෙන් ජය බුදු සරනයි
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බොහොමත්ම ස්තූතියි. බුදුසරණයි. ♥️🙏🎉
@user-vc2eh7lg8d
@user-vc2eh7lg8d 2 дня назад
බොහොම ලස්සනයි යන්නම ආසයි බලන්න සිත නිවන පරිසරය.....
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
පරිස්සමෙන් ගිහින් එන්න ♥️
@මැණික්මැණික්
අපේ සම්මා සම්බුදු රාජණන් වහන්සේ ගේ නියම බුදු පිළිම වල නම් උරාරොම් දතුව තියනවා නැතිව ඉතින් නිකන් ඔහේ බුදු පිළිම අබලා ඇති නේද බුදුසරණයි ඔබ සැමට
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 дня назад
ඔයා ගොඩක් දේ දන්නවනේ
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
♥️
@nandanajayantha2211
@nandanajayantha2211 4 дня назад
බලන්න තිබුනා නම් වටිනවා.බැලුවා වගේ ත මයි විස්තර අහනකොට.තෙරුවන් සරනයි .
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බොහොම ස්තූතියි ♥️
@chayarajasinghe
@chayarajasinghe 11 часов назад
අහම්බෙන් හමුවුණු වීඩියෝවක්...ඉන් පස්සේ එක පෙළට වීඩියෝ පහ හයක් විතරම බලන්නට තරම් ඔබේ උත්සාහය අති සාර්ථකයි.....අපි හැබෑවටම ඔබත් සමඟ ගමනට එක් වූවා සේ දැනෙන්නට තරම්... ඔබ අපිට ගමන හරි ලස්සනට සමීප කරනවා...ඔබේ නිවුණු කතාබහද එයටම ගැළපෙනවා...හදවතින්ම සුභ පතනවා ඔබට....අපි නොදුටු තවත් සොඳුරු මංපෙත් දිගේ අපි රැගෙන යන්නට ඔබට ශක්තිය ලැබේවා...❤
@sanchaarakaya
@sanchaarakaya 10 часов назад
බොහොම ස්තූතියි දිරිගැන්වීමට ♥️🙏
@jumanji5239
@jumanji5239 4 дня назад
Such a beautiful and educational program! Thank you for doing this. ❤ Budu saranai!
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
Thank you so much ♥️🙏
@shashikanishan1440
@shashikanishan1440 5 дней назад
Siyalu buduwaruge buddha desaya siwhelayai
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
♥️🙏
@RanmanikeLiyanarachchi
@RanmanikeLiyanarachchi 7 часов назад
බුදු සරණයි ගොඩාක් පිං. සියලු දෙනාටන දෙවි පිහිටයි ❤
@sanchaarakaya
@sanchaarakaya 7 часов назад
බොහොම ස්තූතියි බුදුසරණයි ♥️🙏
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 2 дня назад
Very very interesting & importance video. Thank you so much thats your sharing your marvellous experience with us ❤❤😊
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
Thank you very much ♥️
@Tharu-ri1gr
@Tharu-ri1gr 3 дня назад
මරු වීඩියෝ එක 🎉🎉
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
බොහොම ස්තූතියි ♥️
@lmwindchimeproduct2368
@lmwindchimeproduct2368 4 дня назад
ඔබ තුමා වෙනත් දවසක උත්සාහ කලොත් ඔය අඩවියේම ගලක කොටන ලද අකුරු ඇති. සොයා දෙන්න බුදුන් ගේ උපන් දේශය. තෙරුවන් සරණයි ඔබසැමට.
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
දවසක උත්සහයක් ගමු ♥️
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 4 дня назад
ඒ මල කොරකහ ....දම් පාටයි. ලස්සනයි...
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බොහොමත්ම ස්තූතියි ♥️🙏
@ishanamarasinghe647
@ishanamarasinghe647 5 дней назад
පට්ට ❤❤❤❤
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️🤜
@chandrarathnayake6436
@chandrarathnayake6436 3 дня назад
Very peaceful, our mother land how beautiful land thanks brothers
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
Thank you ♥️
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 17 часов назад
Thank you
@sanchaarakaya
@sanchaarakaya 17 часов назад
Thank you too ♥️
@ruwanchandana7181
@ruwanchandana7181 3 дня назад
Good programe go head. Thanks
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
Thank you ♥️
@janithviraj5643
@janithviraj5643 3 дня назад
බුදු වැඩි නොව ඉපදුන ජම්බුද්දීපේ...❤️❤️
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
♥️🙏
@travelexpertlk8269
@travelexpertlk8269 День назад
දැන් canll එක ලස්සනටම කරනවා සුපිරි ,නොදුටු දසුන් සොයාගෙන යන ඔබට සුභ ගමන් ,මෙි විඩියො එක 1 M යනවා ඉක්මනටම 👍
@sanchaarakaya
@sanchaarakaya День назад
බොහොම ස්තූතියි ♥️💪 ජය වේවා
@user-rr4pm2hz9i
@user-rr4pm2hz9i 5 дней назад
මෙි,වගේ,දෙයක්,බලන්න ,ලබාදුන්නට,ඔබ,ඇතුලු,සියලු,දෙනාටම,බුදුසරනයි ,දෙවිපිහිටයි 🙏🙏🙏💐💐💐❤❤❤
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියී ♥️🙏
@මලීෂාබංඩාර
මේ වගේ කොච්චර නම් සැගවිච්චි තැන් ඇතිද , එච්චර වටිනා දෙයක් එහෙම කුඩු කරන්නේ මොන හිතකින්ද කියල හිතා ගන්න බැ 🥺 අර සමනල්ලු ටික 😍 මාත් ඔය මල් දැකල තියෙනවා නම දන් නෑ මාරම සුවදායි , thank u brother ❤ අපිටත් පෙන්නුවාට
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
බොහොම ස්තූතියි. මල් වලට කියන්නෙ කොරකහ කියලා. ♥️
@මලීෂාබංඩාර
@@sanchaarakaya එහෙම d thank u 🤍
@sasankakarunaratne42
@sasankakarunaratne42 2 дня назад
මම හිතුවේ ඔය මල් ගස වැලිකහ කියලයි.
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
@sasankakarunaratne42 කීපදෙනෙක් කමෙන්ට් කරලා තිබුනා කොරකහ කියලා
@TheYouTubeStoryTeller2024
@TheYouTubeStoryTeller2024 10 часов назад
Super! 💚
@sanchaarakaya
@sanchaarakaya 10 часов назад
Thank you ♥️
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 5 дней назад
ලස්සනයි වීඩියෝ එක. හරිම කනගාටුදායකයි පිළිම වහන්සේලාට කර ඇති අපරාධයට නම්😢
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
අන්ධ මිනිස්සුන්ගේ වැඩ කොහොම නවත්තන්නද
@dinanijayasinghe579
@dinanijayasinghe579 4 дня назад
❤😊Budu saranai malli!!
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බුදුසරණයි ♥️🙏
@theruwansaranai6029
@theruwansaranai6029 5 дней назад
සොඳුරු සංචාරකයා ඇතුළු පිරිසට❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️🙏
@samanmalinagahawattha8394
@samanmalinagahawattha8394 2 дня назад
අපේ අතීතය ...අපේ බුදුන් ...අපේ මවුබිම...
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
♥️🙏
@sithuminawoodworks
@sithuminawoodworks 5 дней назад
❤❤❤❤❤❤
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
♥️♥️🤜
@onadeyakapen...2532
@onadeyakapen...2532 2 дня назад
සුපිරි ❤❤ දිගටම video ඔන.. බුදු සරණයි
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
බොහොම ස්තූතියි ♥️🤜
@wijebaragama4444
@wijebaragama4444 5 дней назад
කොල්ලො උඹ ඇත්ත වශයෙන්ම සොදුරු අඩවිය ට පය තැබූ සොදුරු සංචාරක යෙක්
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️🤜
@dulage1252
@dulage1252 5 дней назад
සුපිරියක් තමයි❤❤❤❤❤
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
ගමන් සගයා ♥️
@suwarnahettiarachchige4018
@suwarnahettiarachchige4018 5 дней назад
Adai dakke oyage wada satahanak.veediowak.alut gaweshakayek kiyalai hitune.godak watina veediowak.kaatawat.dakinna bari unu Budu.Patuna mewage hari dakinna labeema wasanawak.nawata lassana veedio ekakin hamuwenna balagena innawa.oyata suba patum....❤❤❤❤
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
නැවත ලස්සන තැනකින් හමුවෙමු. බොහොම ස්තූතියි ♥️🙏
@ajanthagampaha3088
@ajanthagampaha3088 5 дней назад
Mewa.aluth.wediya.karala.gaththoth.ki.denek.balanna.yaida.budu.saraanai.oyalata
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
ඒකනම් මටත් හිතුනා
@jumanji5239
@jumanji5239 4 дня назад
අපේ මිනිස්සු කුණු කසළ දමා එම ස්ථානය විනාශ කරනු ඇත.
@calistafernando4108
@calistafernando4108 5 дней назад
මම. ඔයාගේ වීඩියෝ බලනවා හොඳයි ලස්සනයි ආයේත් හොඳ එකක්. දාන්න පුතේ්‍💕 අපට බලන්න දෙවී පිහිටයි ❤❤❤❤
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බොහොම ස්තූතියි, දෙවි පිහිටයි ♥️🙏
@djdjddndrn1416
@djdjddndrn1416 5 дней назад
Budu saranai oyalata
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බුදුසරණයි 🙏
@nuwanthiabeywickrama
@nuwanthiabeywickrama 4 дня назад
හොද සංචාරයක්..... ❤️
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බොහොම ස්තූතියි ♥️
@dianavradi9158
@dianavradi9158 5 дней назад
Oyage weda satahan super.mama asawen balanawa.
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️
@මැණික්මැණික්
🌹🌹🙏🙏🙏🙏🌹🙏🌹 සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි හැමෝටම නමෝ බුද්ධ ය 🙏🌹🙏🌹🌹🌹
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
♥️🙏
@samankithsiri4504
@samankithsiri4504 3 дня назад
තෙරුවන් සරණයි
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
තෙරුවන් සරණයි 🙏
@nalen1589
@nalen1589 3 дня назад
බුදු සරණයි
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
බුදුසරණයි. ♥️
@user-ir9yt7is8b
@user-ir9yt7is8b День назад
Bs..asawan..baluwa.....thanks
@sanchaarakaya
@sanchaarakaya День назад
බොහොම ස්තූතියි ♥️
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv 3 дня назад
Apata godak watinawa me sampath,godak godak watinawa,owa makanna kapanna ba gale neludewal nisa,budupatuna, oyagana thawa wisthara danna❤
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
මම දන්න තරමින් තවම පරීක්ෂණ කරලා නෑ. විස්තරයක් ලැබුනොත් මම දාන්නම් ♥️
@wasanthakumara3732
@wasanthakumara3732 2 дня назад
Nidan horu owa vinasa karalanan malli okunta upa upan jathith sapa wewa owa karanne thirisannu jaya wewa malli umbata pennuwa budu saranai
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
ඔවුන් කරන පව් ඔවුන් ගෙවයි. ♥️ බුදුසරණයි 🙏
@TravelGirl-yi8wh
@TravelGirl-yi8wh 5 дней назад
❤ wow ❤
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
Thank you ♥️
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf 2 дня назад
අපේ ඉතිහාසය සොයා යන ඔබට තෙරුවන් සරණයි සහෝ.!..❤❤❤🙏
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
බොහොම ස්තූතියි ♥️🙏
@donlowe5835
@donlowe5835 4 дня назад
SUPER~~~~ TKS
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
Thank you ♥️
@padmakanthiasurappulige5333
@padmakanthiasurappulige5333 4 дня назад
It’s a beautiful
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
Thank you ♥️
@sakuarachchi1780
@sakuarachchi1780 3 дня назад
ස්තූතියි ..
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
♥️🙏
@mudithachamod8588
@mudithachamod8588 3 дня назад
ඔයා හරිම කරුනාවන්ත කොල්ලෙක් ඔයාල හැමෝටම බුදු සරණයි
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
බොහොම ස්තූතියි ♥️🙏
@gamininillegoda
@gamininillegoda 4 дня назад
Veri.good.Thank.You.
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
Thank you too ♥️
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 3 дня назад
Theruwan saranai
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
තෙරුවන් සරණයි ♥️🙏
@ravindralal3920
@ravindralal3920 3 дня назад
🎉ඔයාලා සියලු දෙනාමටම ස්තුතියි .
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
බොහොම ස්තූතියි ♥️
@sarathkannangara7192
@sarathkannangara7192 4 дня назад
Very good putha
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
Thank you ♥️
@chandra-xl9og
@chandra-xl9og 5 дней назад
ලක්ෂණ පුතේ බැලුවා ඔයා ඒ අල්ලපු මල් ජාතිය කොරකහා කියන්නේ ඒවට තමයි මල් පොඩි පොඩි පොඩි පොඩි මල් පිපෙන්නේ හරි ලස්සනයි. ඒවට කියන්නේ
@CCC69CCC
@CCC69CCC 5 дней назад
Ou a korakaha
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️🙏
@songhub7560
@songhub7560 3 дня назад
Supirii❤
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
Thank you♥️
@wimalwimalarathna5077
@wimalwimalarathna5077 14 часов назад
Suwa path wewa😅😊
@sanchaarakaya
@sanchaarakaya 14 часов назад
එසේම වේවා ♥️🙏
@shashilawijerathna6261
@shashilawijerathna6261 5 дней назад
😍😍😍😍😍😍
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
♥️😌♥️
@Chandra-b4g
@Chandra-b4g 5 дней назад
Godak lassanai putha 😊❤
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️🙏
@CHANDRAMAL1
@CHANDRAMAL1 4 дня назад
good one
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
Thank you ♥️
@Chandra-b4g
@Chandra-b4g 5 дней назад
Godak lassanai putha😊🎉
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️
@chamindasamarakoon6899
@chamindasamarakoon6899 4 дня назад
Well organised vedio, nice presentation 🎉🎉 good job .... go a head with....... ..
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
Thank you very much ♥️🤜
@daharaorbital179
@daharaorbital179 4 дня назад
Harima laddanai
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බොහොම ස්තූතියි ♥️
@isuruchamara4529
@isuruchamara4529 5 дней назад
හුඟක් 🙏 හුඟක් ස්තූති...ඇත්තටම හුඟක් මහන්සි වෙලා ලස්සන දෙයක් ඔයා කරන්නෙ
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️🙏
@WasanthaKumari-q8f
@WasanthaKumari-q8f 3 дня назад
ලස්සනයි ලංකාව අපෙ
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
♥️
@aravindajayasundara5277
@aravindajayasundara5277 3 дня назад
Excellent presentation..go ahead bro 😊
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
Thank you ♥️🤜
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 2 дня назад
🙏🙏🙏
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
🙏🙏
@champikajayalath2039
@champikajayalath2039 5 дней назад
Aaadaraneeya handak
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️
@ViaZain
@ViaZain 2 дня назад
🙏🙏🙏🙏🙏❤️❤️❤️👍
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
♥️♥️🙏
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf 2 дня назад
👍❤❤❤👍❤❤❤
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
♥️♥️🤜
@anusharathnayaka3256
@anusharathnayaka3256 3 дня назад
Seth 👍👊
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
♥️🙏
@PemasiriThennakoon
@PemasiriThennakoon 2 дня назад
Mall video eka lassanay. Me wage video digatama keranna.ada tamay videowa set une.digatama balanwa....budu saranay.....
@sanchaarakaya
@sanchaarakaya День назад
බොහොම ස්තූතියි ♥️🙏
@RakithaLakmal-ee1uv
@RakithaLakmal-ee1uv 5 дней назад
❤❤🎉😊😊
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
මචං ♥️🤜
@dayasena3866
@dayasena3866 4 дня назад
maruu machanggggg
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
Thank you brother ♥️
@SDMervin
@SDMervin 4 дня назад
Nice video
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
Thank you ♥️
@gayanjayasekara7379
@gayanjayasekara7379 4 дня назад
කුටුමිබිගල ආනන්දසිරි ස්ඵවිරයන් බුදු පටුන්ගල ගැන 1985 පෙර ලියු පොතක ලියල තිබුන.මතකයි
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
සමහර විට. ආනන්දසිරි ස්ථවීරයන් කුඩුම්බිගලට වැඩමවන්නෙ 1954 දී පමන
@user-si6yi2ef5z
@user-si6yi2ef5z 3 дня назад
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
♥️♥️
@SadunDilshan-wl6kq
@SadunDilshan-wl6kq 5 дней назад
🙏🙏🙏🙏🙏🙏❤️
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
♥️🙏
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 4 дня назад
වටින වීඩියෝවක්..ස්තුතියි. ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කළා....❤❤❤🎉🎉🎉
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
බොහොම ස්තූතියි ♥️🙏
@BandaraAbeykoon-r2n
@BandaraAbeykoon-r2n 4 дня назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanchaarakaya
@sanchaarakaya 4 дня назад
♥️♥️♥️
@wearefrommathale
@wearefrommathale 3 дня назад
The blue color flower name is Kora kha flower English name is blue mist
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
Thank you ♥️🤜
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 5 дней назад
වීඩ්යො එක මොනතරම් බැලුවත් මදි මලේ....ජය වේවා
@sanchaarakaya
@sanchaarakaya 5 дней назад
බොහොම ස්තූතියි ♥️🤜 ජය වේවා
@charvisen2908
@charvisen2908 2 дня назад
Korakah is the flower. If i am not mistaken Mr Hema Nalin did a segment on this in his 9.5 ( namayai paha) Rupavahini prgram long time back.
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
Thank you very much ♥️
@shehankl
@shehankl 2 дня назад
Athimale wilaoya Ape mathaka Awadikala...
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
බොහොම ස්තූතියි ❤️
@charu65
@charu65 2 дня назад
පුදුමයි මේ රට මෙහෙම වත් බේරිලා තියෙනව🙂👍 අපේ රටේම වෙලත් මේ වගේ අති උතුම් ස්ථාන විනාස කරන උන්ට ශාප වෙන්න ඕන... මේ අපේ උරුම.අපි මේ දේවල් රැකගත යුතුයි🇱🇰❤️මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි
@sanchaarakaya
@sanchaarakaya 2 дня назад
♥️🙏
@madushanikumara-yf8iu
@madushanikumara-yf8iu 2 дня назад
Owa paul pitin ynna gttama unwath dnna mokda une kiyla
@SanjuSanjubai
@SanjuSanjubai 4 дня назад
බුද්ධාය🇱🇰🌛🌎🏯🪷🙏සාදු🪷🙏සාදු🪷🙏සාදු🌞⛩️🌔 ඕවා සංවර්ධනය සංවර්ධනය කරන්න මචං පුරාවිද්‍යාවෙන් පටන් අරගෙන ඕ එලිපාලි කරල ගත්තනම් සුද්ද කරලා සංචාරකයන්ට බලන්නත් හොඳටම ඇති අපි දැන් කොළඹ වටේ පන්සල් හැදුවනේ හාමුදුරුවෝ ඔක්කොම එක්කහු වෙලා පුරාවස්තු ටික එළිපාලි කරලා තියෙන ඒවා හදලා ගත්තනම් සංචාරකයන්ට හොඳට බලන්න පුළුවන් ඔය වැව්වනම් මනම් තියනවනම් ඒක තමයි හරිම දේ බලන්න හොඳම තැන්වුවා. දැන් නිදහන් තිබුනත් නිදහන් හොරුන්ට කන්න කඩන්න දෙයක් නෑනේ කඩපු කඩා ගත්තේ ඔව් හදලා දැම්මනම් අනාගතයේ දරුවන්ටත් ඔබ බලන්න පුළුවන්. නැත්නම් ඉතුරු ටිකත් කැඩිලා කැල්ලේ ඇයි පොළොව යටත් ඇතිනේ තව මොන මොනවා හරි
@sanchaarakaya
@sanchaarakaya 3 дня назад
පොළොව යට ඇති. ඔය ගොඩදාපු පස්වලට වැහිලා
Далее
СМЕЛОЕ РЕШЕНИЕ #shorts
00:14
Просмотров 22 тыс.
ХИТРАЯ БАБУЛЯ #shorts
00:20
Просмотров 1,1 млн
СМЕЛОЕ РЕШЕНИЕ #shorts
00:14
Просмотров 22 тыс.