Тёмный

Heaven on Earth | Sri Lanka | හරිත පැහැ පාරාදීසයක දින දෙකක් |  

Dinesh A Pathum
Подписаться 159 тыс.
Просмотров 94 тыс.
50% 1

අතැර දැමූ ගම්මානයක් මැදින් සොදුරු පාරාදීසයකට
වැහි වලාකුළු වලින් වැසී ගත් අහස් ඉම එපිනෙපේටම පවසා සිටියේ සංචාරයෙන් තොර විවේකය සුදුසු යැයි යන පනිවිඩයයි. නමුත් මාසයක පමන කාලයක් නේපාලයේ සුදෝ සුදු වන් හිම කදු සමග කාලය ගත කල මා හට හරිත පැහැගත් සොදුරු ඉමක මොහොතක් හෝ ගත කිරීමට ඇත්නම් යන සිතුවිල්ල සොබාදහමේ පනිවිඩය යටපත් කරේ මාගේත් ඒකමතික වූ කැමැත්ත මතයි.
සංචාරය හෝ යන දිශාවක කිසිදු අදහසකින් තොර වූ මා දහවල් දොලහට පමන කොළඹින් පිටත් වූයේ මහනුවර දෙසටයි. වැඩි මාර්ග තදබදයකින් තොර වූ කොළඹ-නුවර මාර්ගය ඔස්සේ මහනුවරට ගමන් කල මා සොබාදහම විසින් පිළිගත්තේ කඩුගන්නාව සිට එක දිගර ඇද හැලුණු මල් වර්ශාවක ආශිර්වාද ලබා දෙමිනි.
මා මහනුවර මාලිගාවට ආසන්න නවාතැන්පොළක නතර වූයේ උදෑසන "දළදා මාලිගාවේ" තේවාවටත් සහභාගී වී මාගේ සංචාරය ආරම්භ කිරීමට අදහස් කොට ගෙනයි. නවාතැන්පොළට ගොස් මද වේලාවකින් මාගේ ජංගම දුරකථනය එක දිගට නාද වූයේ සහන ගේ දුරකථන ඇමතුමකට අනුවයි. "කියපං සහනේ.." මා දුරකථනයට ප්‍රතිචාර දැක් වූ අතර "අයියා කෝල් කරලා තිබ්බා..." සහන් අනෙක් අතට මාගෙන් විමසන්නට විනි. "ඔව් බං කන්දක් නගින්න වත් යන්ද අහන්න ගත්තෙ උබෙන්.. කෝ ඉතිං උබ නෑනෙ.." .... "අඩේ අයියේ.. මාත් මේ ටිකේ වැකේශන්... ..." කතාව අවසාන කිරීමට පෙර මා කියා සිටියේ "ඔහොම්ම නැගපං නුවර බස් එකක. මම උබව ගන්නම්.. හෙට උදේම යමං කොහෙ හරි.." "හරි අයියේ මම එන්නම්". ඇමතුම එපමන කි.
පැය දෙක තුනක කාලයක් ගත වූ පස නුවර බස් ස්ටෑන්ඩ් එකෙන් සහන්ව අහුලා ගන්නට මට හැකි විනි. මහ වැස්සේම කඩේකට ගොඩ වූ අප රාත්‍රි ආහාර වේලත් ගෙන අප නැවතත් නවාතැන්පොළ වෙත ගමන් ගෙන වේලාසනින්ම නින්දට වැටුනේ පෙර මාගේ සැළසුමට අනුව හෙට උදෑසන මාලිගාවේ තේවාවට සහභාගී වීමට අවැසි වූ නිසාවෙනි.
දුරකථනයේ එලාමය නාද වීමටත් පෙර පාන්දර 4ට පමන නින්දෙන් අවදි වූ මා හට ඇසෙන්නට වූයේ ඒ වන විට පැවති අධික වර්ශාවේ හඩයි. "මේ වැස්සෙ නම් ආයේ තෙමෙන්න බෑ.." මා මාහටම කියා ගනිමින් ඔලුවේ සිට පොරවාගෙන එලාමයත් අක්‍රීය කොට නැවතත් නින්දට වැටුනේ සහන් ගෙන් හෝ අදහස් විමසීමකින් තොරවයි.
උදෑසන නමයට පමන අවදි වූ මමත් සහනේ ත් උදෑසන දහයට පමන ගමන් ආරම්භ කලේ මහනුවර සිට මාතලේ දිශාවට යි. මාතලෙන් රත්තොට හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ ගමන් කල අප අවසානයේ නතර වූයේ සොදුරු වන වැස්මකින් වැසී ගත් ඉසව්වක යි. මේ වන විට අප ගමන් ගන්නේ කුමන ගමනාන්තයකටද යන වග කථිකා කොට ගෙන තිබූ හෙයින් අතර මග හමු වන ගම් වැසියන්ගෙන් සහ ගූගල් සිතියමේ ද උපකාර ගෙන මග සොයා ගත්තේ ඒ සොදුරු ගමනාන්තයට රෑ බෝ වීමට පෙරාතුව ලගා වීමට යි.
මාමේ.. "කරගස්තැන්නට හැරෙන්නෙ කොහෙන්ද.." අසළ රැදී සිටි මාමා කෙනෙකුගෙන් විමසා සිටියේ මාර්ගය හරියාකාරවම තහවුරු කර ගැනීමට යි. "ඉස්සරහ වහපු ඉස්කෝලෙ ලගින් තමා යන්න තියෙන්නෙ.. හැබැයි අලියා ඉන්නවා හවස් වෙද්දි.." එපමන කි. මාර්ගය සොයා ගන්නවා ඇරෙන්නට දැන් අලියෙකුගෙන්ද පන බේරා ගත යුතුය.
තේ වතු සහ දීර්ඝ ෆයිනස් වනාන්තර අතරින් තවත් පැයක හමාරක කාලයක් ගමන් කල අපට අවසානයේ මුන ගැසුනේ තවත් දුශ්කර මාර්ගයකි. එහි ෆෝ වීල් රථයකින් හෝ මෝටර් සයිකලයකින් හැරෙන්නට වෙනයම් වාහනයකින් නම් ගමන් කිරීම සැබැවින්ම අභියෝගය කි. පැවති වර්ශාව නිසා තණකොල අතර රැදී ඇති මඩ බයිසිකලයේ රෝද එක විටෙක ලිස්සා යැවීමටත් තවත් විටෙක එක තැන කැරකවීමට තරම් ප්‍රබල ය.
අප ඒ මාර්ගය ඔස්සේත් සැළකිය යුතු දුරක් ගමන් කල පසු මුන ගැසුනේ පාලුවට ගිය අතැර දැමූ ගම්මානය කි. පැවති දැඩි සුළගත් පාලු ගම්මානයත් සැබැවින්ම මනසට රැගෙන ආවේ කුතුහලය පිරි ගුප්ත හැගීමකි. අප මෙහි පැමිනීමට පෙරාතුව ජනාවාසයක් මුන ගැසුනේ කිලෝමීටර් ගනනාවකට එපිටිනි. එබැවින් මෙහි ඇති පාලු සහ ගුප්ත හැගීම පිළිබදව තවත් කරුණු කාරණා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවනු ඇතැයි මා හට සිතේ.
කෙසේ වෙතත් ගම්මානයේ ඇති නිවාස සහ අතැර දැමූ කුඩා කාර්යාල සහ හෙද නිවාස අතරින් අප ඇවිද ගියේ කුතුහලයකිනි. මින් පෙර මෙවන් ස්ථාන මා දැක ඇත්තේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වලදී යුද්ධය නිසා අතැර දැමූ ප්‍රදේශ වල පමනි. නමුත් මේවා ඊටත් වඩා කාලයක් අතැර දමා තිබූ බවට බැලූ බැල්මට පෙනේ. අප පැයක පමන කාලයක් මේ ගුප්ත ඉසව්වේ ගත කල අතර පසුව නැවතත් ගමන් ආරම්භ කලේ අප සොයා යන සොදුරු ගමනාන්තය දිශාවට යි.
තවත් නිමේශයකින් මා මාගේ ජීවිතයේ දුටු සොදුරුතම ඉසව් වලින් එකක් වන හරිත පැහැ ගත් ඉසව්වකට ලගා වීමට අපට හැකි විනි. හරිත පැහැ ගත් මේ සොදුරු ඉසව්වේ කදවුරු රැයක් ගත කිරීමටත් ඒ අවට පැවති සුන්දරත්වය විදීමටත් අපට හැකි විනි. අප විදි සහ මා දුටු ඒ සුන්දරත්වය රූප රචනාවෙන්ම නරඹමු.
රූප රචනාව අද දහවල් 12.30 ට
ආයුබෝවන් මම දිනේෂ්.

Опубликовано:

 

21 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 595   
@chandrikaperera6969
@chandrikaperera6969 4 месяца назад
අපෙ හුගදවසකින් ගස්කොලන් ටිකක් දැක්ක ඇස් දෙක පිනවනවා ඇත්තමයි ලොකෙ කොහෙ ගියත් අපෙ මව්බිම තරම් මට නම් කොහෙවත් සුන්දර නැ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🇱🇰🇱🇰❤️💐💐💐
@AsankaKumara-ui2eo
@AsankaKumara-ui2eo 4 месяца назад
Aiya rupa Rachana godak lassai. Idiriyata yanna lebewai kiyala parthana karanawa
@_pravishka__dilshan6253
@_pravishka__dilshan6253 4 месяца назад
ඇත්ත 🥺🤎😍
@amilaprasad7517
@amilaprasad7517 4 месяца назад
ඇත්තම ඇතක්❤
@Nuwaa-g9l
@Nuwaa-g9l 4 месяца назад
youtube.com/@travelshortsmind?si=-cUUeOKPVQMRE0mX meyath lassana then walata yanwa mn dekka
@upalislk6553
@upalislk6553 3 месяца назад
❤❤ What you said was exactly correct. People can travel all over the world but there is no land like my mother Land.. this is the heaven yes this beauty is not found anywhere in the world.. am so blessed to born in the paradise.one of the greatest adventure is our brother Dinesh A P.i love him like my self...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💕💕💕💕
@isharasandeepa4414
@isharasandeepa4414 4 месяца назад
රටවල් වල Vlog වලට වඩා ඒ කොළ පාටට මම ආදරෙයි💚
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 4 месяца назад
ඇත්තම කියනවා නමි දිනේෂ් ලස්සන කොළපාට එක්ක ඉද්දි 💚🌿
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 4 месяца назад
සීත නේපාලේ උස කඳු පුදුම තරම් ලස්සනයි තමයි... ඒත් හැමදාටම නතර වෙන්න හිත බෑ කියනවා හිම එක්ක..ඒක මං අත්දැකීමෙන්ම දන්නේ හිමේ ඉද්දී හිම ඕනේ නෑ කියලා හිතෙනවා.සීතල වැඩිකම නිසාම.ඒත් මේ කොළපාට ගේන ලස්සන ඒ දැනෙන සිසිල සැනසීම අහසේ නිල සුදුම සුදු වලාකුළු මං හිතන්නේ ඒ තමයි මනුස්සයෙකුට නිවෙන්නම පුලුවන් තැන... 💚🌻
@kushanitharuka2733
@kushanitharuka2733 Месяц назад
වාසනව තමයි එච්චර ලස්සන හරිත වර්ණ දසුනක් බලන්න පුලුවන් වෙන එක..💚
@ushanimalsha6773
@ushanimalsha6773 4 месяца назад
සොබා දහමට මෙච්චර ආදරේ මනුස්සයෙක් දැක්කමයි❤
@kasunindika9305
@kasunindika9305 4 месяца назад
සහන්ගේ photography නම් පට්ට creative....ඌ වැඩ්ඩා...
@manjubinduhewa1177
@manjubinduhewa1177 4 месяца назад
අනිවා ඌ වැඩි සද්ද නැති වැඩ්ඩෙක්. කොල්ලනේ උඹලා දෙන්නාට බොහොම පිං මවුරටට ආදරය කරන්න හේතු ගෙනෙනවට
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 4 месяца назад
මේ වගේ හරවත් වැඩසටහන් ලංකාවේ රූපවාහිනී චැනල් වල පෙන්විය යුතුයි.ජාතික රූපවාහිනියෙන් පෙන්වනවනම් ගොඩක්ම කැමති.
@Travel_with_viraj
@Travel_with_viraj 4 месяца назад
මේ ලස්සන කොළ පාට කිසිම රටක නෑ මේ පාරාදීසයේ හැර..මේ තමයි ශ්‍රී ලංකාව 🇱🇰 🍃
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 месяца назад
හරිත පැහැය සහ අධික හරිතප්‍රද සහිත ගස් 😊 ඒ ලංකාවේ පොලොව.
@moneylove4878
@moneylove4878 4 месяца назад
හැම අතින්ම මාරම කොලිටියි වීඩියෝ එක❤
@Saanaka_Bro
@Saanaka_Bro 2 месяца назад
කාලෙකට පස්සෙ DAPගේ කොල පාට video එකක් බලන්න සෙට් උනා ❤
@HirushiTharuka-h1p
@HirushiTharuka-h1p 19 дней назад
දෙවියනේ අයියේ පුදුමාකාර ලස්සනක්🥺❤️ ඔයාට ගොඩක් පින් නොදකින ඇස් වලට මේවා දකින්න, වචන වලින් කියාපාන ඒ සුන්දරත්වය දැනෙන විදියට දක්වන එකට.. බොහෝම ස්තූතිය ඔයාට🌸
@bananabunk9913
@bananabunk9913 4 месяца назад
අයුබොවන් මම තරිදු මම අවේ මගේ ආසම traveler ව බලන්න❤✊
@amilamadushanka242
@amilamadushanka242 4 месяца назад
Lokuda 😮😮
@SH-cy6lh
@SH-cy6lh 4 месяца назад
බැලුව නම් පලයන් එහෙනම්
@DenethSandesh-q8s
@DenethSandesh-q8s 4 месяца назад
අඩෝ අඩෝ 😂​@@SH-cy6lh
@samithmadushanka3085
@samithmadushanka3085 3 месяца назад
😂😂​@@SH-cy6lh
@NimPerera-j1q
@NimPerera-j1q 4 месяца назад
මගෙ රටේ ලස්සන ❤ Thank you DAP❤
@tharindujaythunga4982
@tharindujaythunga4982 4 месяца назад
ස්වාභාදහමයි කොල පාටයි කියන්නෙ පුදුම බැදිමක්.හරියට ............ගොඩාක් ලස්සන රුප රවනාවක් මල්ලි ❤❤❤❤❤❤❤
@crazywiky6785
@crazywiky6785 4 месяца назад
Drone shots ටික පිස්සුවක්
@oshadichamodya8150
@oshadichamodya8150 4 месяца назад
දිනේෂ් මාමේ කියන්න වචන නෑ මාරම ලස්සනයි ඒ ස්වාභාදහම් මාතාව 🍃🍃🍃🍃❤❤දිනේෂ් මාමා පරිසරය විදින විදින විදිහට ආස හිතෙනවා ❤❤ තෙරුවන් සරණයි දිනේෂ් මාමාට ❤❤❤
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 4 месяца назад
මගේ රටේ ලස්සන බලන තරම් සතුටක් තව කොහෙද ❤
@dinukakarandeniya6682
@dinukakarandeniya6682 4 месяца назад
හදවතේ සංචාරකයා..❤🍃 හදවතට දැනුන තවත් එක රූප රචනාවක්. එ කොල පාට පරිසරයට පුදුම තරම් ආදරෙයි.🌿💚
@amaniganga3404
@amaniganga3404 27 дней назад
හරම ලස්සනයි පුතා , අපි ඔයාගේ මේ වැඩ සටහන් අපේ google tv එකට අරගෙන බලනවා, එතකොට දැනෙන්නේ හරියටම අපිත් ඒ තැන් වල ඉන්නවා වගේ❤ thanks dear son
@BeautifulSoul17
@BeautifulSoul17 4 месяца назад
මිහිපිට දිව්‍යලෝකය මගේ රට🇱🇰❤️,කොළපාට ගස්කොල, මීදුමෙන් වසාගෙන ඉන්න කදු යායවල්.. කියන්න වචන නෑ.. ඒ තරම්ම ලස්සනයි ..🥹 ටෙන්ට් එකට වැටෙන වතුර සද්දේ , ඒ පරිසරයේ නිස්කලංක කම ඒ හැම දේයකින්ම හිත නිවෙනවා..භාවනාවක් වගේ🥰❤️❤️❤️🙏
@dulanjanakelum6848
@dulanjanakelum6848 4 месяца назад
තත්පරයක්වත් skip නොකර බලන්නේ දිනේශ් අයියගේ video විතරයි 🤍
@Siyanlakshan-v1r
@Siyanlakshan-v1r 2 месяца назад
ඔව් ඇ
@dilanwijerathna2041
@dilanwijerathna2041 4 месяца назад
ඔයාගේ videos වගේම ඔයා කතාකරන විදියත් ඇත්තටම ලස්සනයි
@waruni-l7q
@waruni-l7q 3 месяца назад
ලස්සන රූප රාමු අතර අතරමං වෙලා හිත හිත හිටියේ මේ සුන්දරත්වය හැබැහින් විදින්න අයියා කොච්චර පින්වත්තද කියලා . ඒ මොහොතෙ අයියා කිව්වා ලස්සන කතාවක් "හොදම දසුනක් විදින්න හම්බුවෙන්නේ වාසනාවන්තයෙක්ට" සොබාදම් මාතාවගේ ආශිර්වාදය නිබදව ඔබට ලැබේවා❤
@hirunimaleesha1680
@hirunimaleesha1680 4 месяца назад
ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන හිටියේ.. මේ ලස්සන පරිසරය විඩියෝ එකෙන් දැක්කා උනත් ප්‍රශන හැමදේම අමතක වෙලා හිත නිවෙනවා.. ස්භාවදහම හරි අපුරු නිර්මාණයක් ❤
@DinukaSandaruwan-kp5qw
@DinukaSandaruwan-kp5qw 4 месяца назад
පුදුම ලස්සනක්..ගොඩක් පිං මේවා දකින්න සලස්සනවට අයියේ..❤
@bananabunk9913
@bananabunk9913 4 месяца назад
හොදම දසුන විදින්න හම්බේන්නේ හොදම traveler ට දිනේශ් අයියා ❤ එ ඔයා❤
@HmRanjaniKumari
@HmRanjaniKumari 4 месяца назад
ඇත්තටම ඇස් අදහාගන්න බැරි තරම් ලස්සනයි .මනසට හරි නිදහසක් දැනෙනවා මේ රූප රචනාව බලද්දී .කියන්නම ඕනෙ දිනේෂ් අද රොබින් හුඩ් වගේ.ඒ සීත කබාය ඔබටම හැදුවා වගේ.මා දැකපු සොදුරුම මිනිසා ඔබ.ඉතින් පරිස්සමට ඉන්න .💖💖
@asankaperera9682
@asankaperera9682 4 месяца назад
මේ මගේ මව් බිම 🇱🇰 Aderei 😘🧔❤️DAP
@kushanitharuka2733
@kushanitharuka2733 Месяц назад
Travel with wife , walin dekala awe 💚💚💚
@harshanuwan1679
@harshanuwan1679 4 месяца назад
අම්මෝ ඒක නම්. වෙනම ලෝකයක් ❤❤❤❤❤❤❤❤❤
@psadhu2038
@psadhu2038 4 месяца назад
හිත නිවෙන ..සැනසෙන පරිසරය..❤❤❤❤❤❤❤.
@shyamali_wick72
@shyamali_wick72 4 месяца назад
ලංකාව වටේ ලෝකේ වටේ නොමිලේම අපිව අරන් යන ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් මල්ලි ❤
@iswaragekusum9996
@iswaragekusum9996 4 месяца назад
අම්මෝ ඒ සුන්දර කරගහතැන්නේ වීඩියෝ කිහිපයක් බලල තිබුනත් මේ වීඩියෝ එක ලස්සනම සොබාදහමේ සොඳුරු දිනක්. දිනේෂ් පැතුම් අද ගෝපාල ජාතිකයෙක්☺ ජයවේවා!
@maduka_s
@maduka_s 4 месяца назад
නීල හරිත පැහැ නොදකින දෑස් මක්කටද මේ තරම් සුන්දර රටේ💚
@AshiniMaduwanthi-kf1ep
@AshiniMaduwanthi-kf1ep 4 месяца назад
දවසින් දවස ඔයාගේ ඇස් වලින් මගේ රටේ ලස්සන දකින්න හැමදවසක්ම විඩියො එකක් බලන්න හුරු වෙලා... මෙක මං විදින්න දකින්න පුරුදු උන ඇබ්බැහියක්...🌿😌
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 4 месяца назад
Miss you ලොක්කා ♥️ එයත් හිටියා නම් මරූ ♥️🌻
@dineshnalaka7431
@dineshnalaka7431 4 месяца назад
මේ වගේ සුන්දරම සුන්දර පාරාදීසයක් වෙන කොහින්ද 🍃🍃🍃🍃🍃🍃🍃 මගේ හෙළය 💚💚💚💚💚
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 4 месяца назад
කාලෙකින් කොලපාට 💚💚💚 හරිම ලස්සනයි ( DAP අද නම් හරියට ගෝත්‍රික නායකයෙක් වගේ😊)
@traveleranjana
@traveleranjana 4 месяца назад
මාරම ලස්සන පරිසරයක් 🌿 ජිවිතේ විදින්න මහා ගොඩක් සල්ලි ඕන නෑ . හරිම පොඩි නිවාඩුවකින් මේ වගේ ගමනක් ගිහිල්ලා ඒ පරිසරය දැකලා විදලා එනවා කියන්නෙම මටනම් මාරම නිදහසක් . මුදල් මත මිනිස්සු දුව දුව විදෝන අතරේ මේ පරිසරය පොඩිම පොඩි වෙලාවක් විදලා බැලුවොත් නිසැකෙන්ම මිනිස්සූ විදිවි ජිවිතේ . මැරිලා වැඩක් නෑ ලංකාවේ ඉපදිලා මේ ලස්සන නොදැක් 🌿🇱🇰
@pradeepkumara9915
@pradeepkumara9915 4 месяца назад
අද සන්චාරයට නම් ඊ රිසියා හිතේනව..😮 ඒ තරම්ම ලස්සනයි..❤..
@HemachandraBandar-nf2pf
@HemachandraBandar-nf2pf 4 месяца назад
හිත නිවන රෑප රචනයක් , එවරස්ට් videos ටික ගැන නම් කියන්න වචන නෑ ,හරියට අපි ගියා වගේ හැගිමක් දැනුනේ ,ඔබට දළදා සමිදු පිහිටයි!!!
@travelwiththarusha2526
@travelwiththarusha2526 3 дня назад
සොබාදහමේ මේ සොදුරු පාරාදීස විදින්නත් පින තියෙන්න ඕනෙ..මන් ආසම මේ හරිත පාරාදීසයන් වලට 💚🍃 .ඉතින් මේ ගමන හරි ලස්සන රූප රචනාවකින් අපිවත් එක්කන් ගියාට බොහොම ස්තුතියි දිනේශ් අය්යා..💗🍃🇱🇰
@PabathDamkith
@PabathDamkith 4 месяца назад
ලොක්ක නzතුව ගියහම හිතට බයක් දzනෙනව අzති.loku is real hero
@sadunmaliboda9050
@sadunmaliboda9050 4 месяца назад
දැන් පාන්දර 3:24 දැන් වැඩ ඉවර වෙලා ආවෙ අඉයගේ වීඩියෝ එක බලල තමා නිදාගන්නෙ දිනේෂ් අඉය කියන්නෙ හිතට දැනුන පොරක්❤❤
@ErazLkA
@ErazLkA 4 месяца назад
Thumbnail දැක්කත් හිත පිරෙන චැනල් එක
@nayanirasangi169
@nayanirasangi169 4 месяца назад
මම ආසම කොළ පාට.හරිම ලස්සනයි රූප රචනාවයි ඒ අපූරු කබායයි යන දෙකම.😊❤😍
@giwanthasandaruwan3931
@giwanthasandaruwan3931 4 месяца назад
ලස්සනයි අයියේ 🌿🌙
@thusharakumara2362
@thusharakumara2362 3 месяца назад
ජිවිතය විදින සුපිරි කොල්ලෙක් ❤
@lifewithnipu
@lifewithnipu 4 месяца назад
ඇත්ත අයියේ ලෝකෙන්ම වටිනම රට ලස්සනම රට සොදුරු මිනිසුන් ඉන්න රට ලංකාව විතරයි.... 🌱💚
@yamankohehari
@yamankohehari 4 месяца назад
මේ....ලස්සන ලෝකෙ වෙන රටක නෑ....❤❤ 💯💯
@kasunkalhara2728
@kasunkalhara2728 4 месяца назад
හිත නිවෙන දසුන් පෙන්වන , හිත නිවෙන්න දොඩමලු වෙන ඒ සොදුරු මිනිසා❤❤ මේ රූප රචනාව ගොඩක් ලස්සනයි අයියේ...❤
@harshaalmeda
@harshaalmeda 4 месяца назад
🌿🥰🇱🇰DAP සොදුරු සංචාරක ගමනාන්ත skip නොකර ම බලන්න තරම් මේ රූප රචනාවේ ම මම විවේකීව නතරවුණා. සුන්දරයි බොහෝම ඹබට ඡය මගෙ මිත්‍ර්‍යයා 🇱🇰🙏🏼❤️
@Sadew_D
@Sadew_D 4 месяца назад
පරිසරය විදිනව වගේම පරිසරය රැක බලාගන්න වගවෙන්නෝනි 🥺❤️
@sarojakusum3973
@sarojakusum3973 4 месяца назад
ලස්සනයි කියන්න වචන නැ සුපිරි ❤❤❤❤❤❤❤❤
@DarshaniPriyangika-og8dx
@DarshaniPriyangika-og8dx 4 месяца назад
අැත්තමයි පුතේ ඔයා කිවිව හරි ලෝකෙ ත්යෙන සුන්දරම රට අපේ රට හරි අගෙයි❤❤❤❤❤❤
@manulanilesh7811
@manulanilesh7811 4 месяца назад
මේ අපේ ලංකාවමද විශ්වාස කරන්න බැරි තරම් ලස්සනයි.මේ ලස්සන අපිට දකින්න සලස්වපු දිනේෂ් අයියා, සහන් අයියා ගොඩාක්ම ස්තුතියි ඔය දෙන්නාටම
@RosaRosa-x8k
@RosaRosa-x8k 4 месяца назад
වෙහෙස නොබලා ඔබ යනගමනට සිය ලු දෙවි රැකවරණ ලැබේවා.
@lasidukavida7017
@lasidukavida7017 4 месяца назад
හදවතේ සංචරකය ❤ හුදකල වු කදු අතර ඔබ පියවර මනින විට ඒ සුන්දර දසුන් විදින්න පින් ද ඇත මට ..ඔබට ජය ❤❤❤❤
@ShanPriyadarshana-h6e
@ShanPriyadarshana-h6e 4 месяца назад
මිනිසුන්ගේ හුස්මක් වත් නොවැටෙන පරිසරයක සොභා දහම නිසංසලේ ජීවත් වෙන අපූරුව ඔයා ලස්සනට රූපරචනාවට නගල තියනවා. හරිම ලස්සනයි හැම දේම. ගමනේ දුශකර බව සොභා දහමට ආශීර්වාදයක් වෙනවා. ඔය තැන් ඔය විදිහටම රැකිල තියෙන්න. මට නම් එතනට ගියා හා සමානවම දිනේශ් ඔයා ගොඩක් මහන්සි වෙලා මේ රූප රචනාව හරිම අපූරුවට කරල තියෙනවා.
@arunabasnayake4352
@arunabasnayake4352 4 месяца назад
වචන ටිකත් එක්ක ගහකොල ටික රහටම අපේ හදවතට දැනෙනවා.. ❤️ මේවා දකිනකොට හදවතට දැනෙන දේ අපිට පැහැදිලි කරවන්න මාර ගේමක් දෙනවා කියලා තේරෙනවා. ජයවේවා🎉🎉🎉
@DarshaniPriyangika-og8dx
@DarshaniPriyangika-og8dx 4 месяца назад
අැත්තමයි පුතේ ඔයා කිවිව හරි ලෝෙෙෙක තියෙන සුන්දරම රට අපේ රට හරි අගායි❤❤❤❤❤❤
@gamingchabi7898
@gamingchabi7898 4 месяца назад
THE BEST TRAVEL VLOGER IN SRI LANKA "DAP" 🍃❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 месяца назад
සුපිරි දැන් නම් Documentary series එකක් වගේ.
@Mds20026
@Mds20026 4 месяца назад
හැමදාමත් මේ වගේ ලස්සන views ගොඩක් දකින මාතලේ ඉපදුන වාසනාවන්ත මම.❤️😍
@mrbuu9030
@mrbuu9030 4 месяца назад
Oyata pin aiye mewage than pennanawata. Mokada dan meka mage list ekata demma. Marenna kalin yanna asa karana thanak ❤❤.
@fernandosarath4694
@fernandosarath4694 4 месяца назад
Patta pattab❤❤❤❤❤❤ From Italy
@prabathsudarshana1068
@prabathsudarshana1068 4 месяца назад
මොන තරම් සුන්දරද අපෙ ශ්‍රි ලංකාව .✌️✌️👌👌👌👍👍👍
@ishii3532
@ishii3532 4 месяца назад
ලස්සනයි ❤💚😍
@somalathamadurawela9725
@somalathamadurawela9725 4 месяца назад
කෙදිනකහෝ අප සැමහට දක්නට නොලැබෙන සොඳුරු ඉසවූ නිවසට ගෙනෙන ඔබ සැමට තෙරුවන් සරණයි.
@anushagodakanda100
@anushagodakanda100 4 месяца назад
ලංකාවේ ලස්සන,...❤️❤️❤️ පෙන්වනවාට🙏🙏🙏
@ruwanchamika660
@ruwanchamika660 4 месяца назад
මචෝ පුලුවන්නම් රිටිගල full video එකක් දාන්නකෝ😔
@vinduindiwari1106
@vinduindiwari1106 4 месяца назад
හරිම ලස්සනයි වෙනදා වගේම... ❤❤❤
@yuang962
@yuang962 4 месяца назад
"ලෝකේ ලස්සනම රට" ඇත්ත...♥️ අයියා හැමදේටම පණ පොවලා කතා කරන කොට මරු. බයික් එකට පවා 🖤 තව අයියා අර අලුත් මෙව්වා එක ඇඳන් ඉන්න කොට මට රොබින් හුඩ් මතක් උනා.. දුන්නයි ඊතලයි තිබ්බනම් ශෝක්😌
@KavinduDissanayake-py7xi
@KavinduDissanayake-py7xi 4 месяца назад
මාතලෙ ගැන කියනකොට මාර සතුටක් ආවෙ..මොකද මාත් මාතලේ😻☘️
@pushpafernando2732
@pushpafernando2732 4 месяца назад
There are many beautiful places in our land than any other country. Its sad that we have not explored them. Nice to see these videos.
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 4 месяца назад
Aiya Bike 1ka travel karana ekath wenam feel 1k............travel king 👑දිනේෂ් 💚👍
@DarshaniPriyangika-og8dx
@DarshaniPriyangika-og8dx 4 месяца назад
අපේ රටෙි බැලු බැලු අත කොලපාටයි ඔවි පුතේ ඔයා කිවිව හරි අපේ රට මොනතරමි සුන්දරද ❤❤❤❤
@tironmadusanka6867
@tironmadusanka6867 4 месяца назад
❤❤❤ ගොඩාක් ලස්සනයි මගේ රට 🇱🇰🇱🇰💚💚💚
@shana1462
@shana1462 4 месяца назад
පරිස්සමෙන් කට්ටිය සද්ධන්තයකුත් කරක් ගහනවා ඔය පැත්තේ . අපිට මුණගැහුන එයා .කිසි කරදරයක් නෑ එයාගේ ❤❤
@rumeshmaduranga5941
@rumeshmaduranga5941 4 месяца назад
මගේ අලුත උපන් දුවට ගෙදරට කියන නම tangiiiii❤❤❤❤hi tangiii
@ishanmaduranga4112
@ishanmaduranga4112 4 месяца назад
දවසක මටත් අසායී අයියා එක්ක.එවිදින්ඩ...ජය අයියා ..
@deshan2045
@deshan2045 4 месяца назад
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ❤ බොහොම පිං හැමදාමත් ලස්සන තැන් අපිට දකින්න බලන්න සලස්වනවට
@Love-j1z8v
@Love-j1z8v 3 месяца назад
මගෙ අහින්ංසක ඉල්ලීමක් ආයෙත් ලගේ ගල යමු
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m 4 месяца назад
ලංකාවේ රූප රචනාවක් ගොඩාක් කාලෙකින් බැලුවේ .... හරිම ලස්සනයි ජය වේවා 🙏🙏🙏 ❤️💙💚🌿🌿⛰️🌿
@KasunUshi
@KasunUshi 4 месяца назад
හදවතේ සන්චාරකයා❤
@anuththaraariyasinghe2253
@anuththaraariyasinghe2253 4 месяца назад
💚💚හදවතේ සංචාරකයා🖤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 месяца назад
දිනේෂ් අයියේ ඔයා ඉර පායනවා ඒ දිහා බලන් ඉන්නවා ඔයා හැමදාම උදෑසන හිරුට වැදලා මෝර පිරිත කියන්න. ජීවිතයට ඉතාමත් ආරක්ෂාව ලැබෙනා ගාථාවක් පුලුවනිනම් එය ඉතා යහපත් 🙏 මට නම් මාරම සතුටුයි ඒ ඉර පායන දිහා බලන් උතුම් මෝර පිරිත කියන්න. සැමට යහපතක් ජීවිතයට ආරක්ෂාව ලැබ දෙනවා🙏
@dewminiyasara-xx5rf
@dewminiyasara-xx5rf 4 месяца назад
Oyage wachan mara lassani dinesh ayye ❤
@chathurajayasanka1467
@chathurajayasanka1467 3 месяца назад
What a beautiful video have ever seen…🔥
@amilakasun7058
@amilakasun7058 4 месяца назад
Super vlog.💯🤙👍👏❤️
@namalrathnayaka1653
@namalrathnayaka1653 4 месяца назад
කොලපාට යායට මේතරමි සුන්දර ඉසවි ලෝව කොහේවත් දැක නොමැත.අපේ ආදරණිය රට ශ්‍රී ලංකාවේ තරමි.Thaks DAP❤❤.
@rashangaddakshitha
@rashangaddakshitha 4 месяца назад
බලන්න බලන්න ආස හිතෙන්වා😍
@thushankavinda116
@thushankavinda116 4 месяца назад
Wow ටයිප් මිනිස්සු 💚🌏😌
@KamaniSamanthika
@KamaniSamanthika 3 месяца назад
Oyatanam godak pin bs
@rupanisuchithra6630
@rupanisuchithra6630 4 месяца назад
ඉතිං බලාසිටියෙමි දැස් ඇදහීමට නොහැකි රූප රචනාවක් නැරඹීමට... පුංචි යෝජනාවක් පුලුවන්නම් Richmond castle කළුතර සම්බන්ධයෙන් රූප රචනාවක් කරන්න. ස්තුතියි ඔබට
@captainnemo3958
@captainnemo3958 4 месяца назад
21:30 ඒ කතාව නම් ඇත්ත 🥰❤️❤️❤️❤️❤️
@nishanthialwis7274
@nishanthialwis7274 4 месяца назад
පුදුම තරම් ලස්සනයි ...වෙනස්ම දෙයක් .....තෙරුවන් සරණයි
@NiluThilakarathne19
@NiluThilakarathne19 4 месяца назад
සොබා දහමටම ගැලපෙන ළයාන්විත හඬ පියවි ඇසෙන් නැතත් ඒ දසුන් ඒ හැඟීම් හරි අපූරුවට දැනෙනවා.සුභ පැතුම් දිනේශ් 💐මේ සිරිලකේ සොඳුරු ඉසව් සොයා යන්නට ඔබටත් ඔබගේ ගමන් සගයන්ටත් හැකිවේවා❤❤❤ තෙරුවන් සරණයි!
@sithumsayuranga1786
@sithumsayuranga1786 4 месяца назад
නියමයි දිනේශ් අයියෙ.එදත් අදත් හදවතේ සංචාරකය❤️
Далее
Немного заблудился 😂
00:16
Просмотров 263 тыс.
skibidi toilet multiverse 042
20:57
Просмотров 4,7 млн
These Are Too Smooth 😮‍💨
00:57
Просмотров 3,8 млн
Немного заблудился 😂
00:16
Просмотров 263 тыс.