අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමින් ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන ලද "මහා ගම්මඩු ශාන්තිකර්මය" 🔴 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී #GangaramayaTemple #ගම්මඩුව #දේව_පූජාව #Gammaduwa #DewaPoojawa SriLanka Gammadu Shanthi Karmya Gods Paththini Sri Lankan Traditional Ritual Low Country Dance පත්තිනි නර්තනය
ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන මහා ගම්මඩු ශාන්තිකර්මය "ගම්මඩුව"දේව පූජාව මාර්තු මස 30 වන දා සවස 06 සිට පසුවදා පහන් වනතුරු පැවැත්විය.
මල් යහන්දීම, රාත්‍රී පහන් දැල්වීම - • Gangarama Gammaduwa Ma...
තෙල් වැඩමවීම - • Gangarama Gammaduwa Mi...
පහතරට යහන් දැක්ම - • Yahan Dakma Dance | පහ...
Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගිනි සිසිල නර්තනය - • Sri Lankan Fire Dancer...
පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම) හැන්දෑ සමයම - • Traditional Dancing Ha...
පහතරට මගුල් බෙර වාදනය - • Playing Traditional Lo...
Thelme Dance (part 01) තෙල්මේ • Thelme Dance (part 01)...
තෙල්මේ නර්තනය (part 02) • Thelme Dance (part 02)...
Thelme Dance (part 03) • Thelme Dance (part 03)...
පිදේනි දීම (මැදියම / හැන්දෑ සමයම) සන්නි කුරුම්බරට පිදේනි දීම - • Video
පත්තිනි නර්තනය රඟ දැක්වීම - පත්තිනි නර්තනය 1කොටස - • Gods Paththini Dance (...
පත්තිනි නර්තනය රඟ දැක්වීම - හළඹ ශාන්තිය 2කොටස - • Gods Paththini Dance (...
Wahala Dance (part 1) 🔴 | LIVE - • Mysteries Wahala Dance...
Marvelous Wahala Dance (part 2) 🔴 | LIVE - • Marvelous Wahala Dance...
පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම)
පිදේනි දීම, පෙරයම, මධ්‍යම, අලූයම යන තුන් යාමයට කළ යුතු වන අතර පෙර යම හෙවත් හැන්දෑ සමයමේදී ආතුර හිසෙහි පිදේනි මුට්ටිය තබා සුදු කුරුම්බර හා මහසොහොන් යකුට ආරාධනා කර, මඩුවෙන් පිටත වන යකුන් සඳහා වන තටුවලට තබයි. දේව මණ්ඩලය ප්‍රධාන වන ස්ථානයකට යකුන් ඇතුළත් කර තිබීම මගින් පෙනී යන්නේ යකෂ - දේව යන ගණ දෙකටම අයත් හැටියට ගැමියන් විශ්වාසය අනුව වර්ග කෙරෙන සූනියම් වැනි යකුන් ඇදහීම හේතු කොට ගෙන මෙම පූජාව බිහි වූ බව පැවසේ.
හැන්දෑ සමයමේදී රතු, සුදු, කළු, කහ මිශ්‍ර විචිත්‍රවත් ඇඳුමකින් සැරසෙන නර්තකයන් හිසට කිරුළ තොප්පියක් පළඳිති. පන්දම් දෙකක් සහිතව නර්තනයේ යෙදෙන ඔවුහු, මඩුව වටා දුම්මල ගසමින් භයානක රසයක් ආතුර ප්‍රේකෂකයන් තුළ ජනිත කරවන අතර දුම්මල ඇල්ලීමට සහයෝගයට සිටින කොට්ටෝරු මහතාව (මඩු පුරයා / අතොරකරුවා) මඩුව පුරා දුවවමින්ප්‍රේක‍්ෂක ආතුරයන්ව හාස්‍යය රසයෙන් ප්‍රබෝධමත් කරති. ඉන්පසුව බෙර වාදන ශිල්පියා හා නර්තකයන් අතර වන සංවාදයේ දී 'නැන්දගේ සමය මේ ආවා' ලෙස දක්වන අතර පන්දම් පද ආදිය නැටීමෙන් පසුව මඩුවෙන් පිට පිදේනි තටුවලට පිදේනි දෙති.
තුන්යාමේ දෙන පිදේනිවලින් මධ්‍යම රාත්‍රියේදී පිදේනි දෙන්නේ සන්නි කුරුම්බරටය. පෙරයම දී මෙන්ම මෙහිදී ද තටුවලට පිදේනි ලබාදෙන අතර මහයාමේ පිදවිල්ල ලෙස ද මෙය හඳුන්වනු ලැබේ. මෙම යාමයේ යකුන්ගේ ක්‍රියාකාරිත්වය වඩා වැඩියෙන් වෙතැයි සැලකෙන අතර සන්නියකුන් දහඅට දෙනාට පිදවිලි දීම සිදුකරයි. පන්දමක් අතින් ගත් එක් නර්තකයකු හා එක් බෙරවාදකයකු පමණක් සහභාගි වන අතර පෙර යම පිදේනි දීමේ මෙන් නර්තනය සඳහා වැඩි වේලාවක් වැය නොකරයි.
කුරුම්බරයන් දොළොස් කොටසකි. ඒ කළු හෙවත් අලුත් කුරුම්බර, චන්දන කුරුම්බර, එර්දි කුරුම්බර, රීරි කුරුම්බර, මල් කුරුම්බර, වඩිග කුරුම්බර, ගොපළු කුරුම්බර, දෙවොල් කුරුම්බර, දළ කුරුම්බර, ගිනි කුරුම්බර, සැඩ කුරුම්බර යනුවෙනි. ඉහත සඳහන් නම් අනුව අපට ඉතා හොඳින් පැහැදිලි වන කරුණක් තිබේ. එනම් මෙම කුරුම්බරයන් එක් එක් දෙවිවරුන් සමීපයේ ඉටු කරන ලද රාජකාරිවල ස්වභාවය අනුව ඔවුන්ට ඒ නම් ලැබී තිබේ. මෙම කුරුම්බර නාමය හා සබැඳි ප්‍රධාන දෙවි කෙනෙක් අප රටේ වැඩ සිටී. ඒ හික්කඩුවේ සීනිගම දේවාලය ප්‍රධාන කොටගත් දේවාල රැසකට අධිගෘහිත දෙවොල් දෙවියෝ ය.
දෙවොල් පටුන ආදී ජන කාව්‍යයන්හි සඳහන් අන්දමට මෙම දෙවොල් දෙවියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සිදු වනුයේ නැවකින් මුහුදේ ගමන් කරමින් සිටිය දී ඒ නැව කුණාටුවකට හසු වී අනතුරට පත් වීමෙනි. පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අප රට තුළට පිවිසීමට වෙර දැරූ උත්සාහයන් ව්‍යර්ථ වූ පසුව එතුමන් තම ‘කුරුම්බර’ සෙනග සීනිගම් වෙරළට ගොඩබට බව පැරණි මූලාශ්‍ර රාශියකම සඳහන් ය. එමෙන්ම එම ජන කාව්‍යයන්හි සඳහන් වන අන්දමට මොවුන් දෙවොල් දෙවියන්ගේ කුලී හේවායන් පිරිසකි. දේව ගණයේම කොටසක් වුව ද මෙම කුරුම්බරයන් සම්බන්ධ විශේෂිත ලක්ෂණ ද තිබේ. එනම් මොවුන් ගීත ගායනයට, වාදනය සහ සංගීතයට ප්‍රිය කරන විනෝදකාමී දේව කොටසකි. ඇදුම් ආයිත්තම් වලින් සංකර බවක් පළ කරන මොවුන් ලිංගික හැසිරීම් ප්‍රිය කරන බව යොදා ගන්නා දෙබස් අනුව පෙනේ.
දෙවොල් මඩු ශාන්තිකර්මයේ දී මෙම කුරුම්බරයන් සම්බන්ධ නොයෙකුත් ආචාර විධි සිදු කෙරෙන අතර ඔවුනට ‘දොළ පිදේනි’ මිස පූජා වට්ටි නොතැබීම ද විශේෂත්වයකි. මේ කුරුම්බර සෙනඟ අතුරින් ගිනි කුරුම්බරයන් ප්‍රධාන තැනට පත් වන අතර දෙවොල් දෙවියන් සම්බන්ධයෙන් ආරම්භ වූ ගිනි පෑගීමේ චාරිත්‍රයේ දී මුලින්ම ගිනි පාගන ලද්දේ මෙම කුරුම්බරයන් විසින් බවට තොරතුරු තිබේ. දෙවොල් දෙවියන්ගේ ලංකාගමනය පිළිබඳ මූලාශ්‍ර කිහිපයකම සඳහන් වන අන්දමට ඒ වන විට අප රටේ බලය තහවුරු කරගෙන සිටි පත්තිනි දේවිය ඉන්දියාවේ චේර දේශයෙන් පැමිණි මේ ආගන්තුකයන් පිරිසට අප රටට ගොඩ බැසීමට ඉඩ දී නැත.
6 сен 2024